-
ක්‍රියා 9:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 සාවුල් ස්වාමීන්ගේ ගෝලයන් එක්ක හිටියේ හරිම කේන්තියෙන්. එයා දිගින් දිගටම එයාලට තර්ජනය කළා. එයාට ඕනෙ වුණේ එයාලව කොහොමහරි මරලා දාන්න.+ ඉතින් එයා උත්තම පූජකයා ළඟට ගිහින්, 2 එයාට කිව්වා දමස්කයේ තියෙන සිනගෝගවලට* පෙන්නන්න පුළුවන් ලිපි කීපයක් ලියලා දෙන්න කියලා. සාවුල් අදහස් කළේ ‘ස්වාමීන්ගේ මාර්ගයට’+ අයිති පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව එයාට අහු වුණොත් ඒ ලිපිවල අවසරයෙන් එයාලව අල්ලගෙන බැඳලා යෙරුසලමට අරන් එන්නයි.
-
-
ෆිලිප්පි 3:5, 6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 මම ඊශ්‍රායෙල් ජාතියට අයිති කෙනෙක්. මගේ ගෝත්‍රය බෙන්ජමින් ගෝත්‍රය. අටවෙනි දවසේදී මාව චර්මච්ඡේදනය කළා.+ මගේ අම්මායි, තාත්තායි දෙන්නාම හෙබ්‍රෙව් ජාතිකයන්. ඉතින් මමත් හෙබ්‍රෙව් ජාතිකයෙක්.+ පරිසිවරයෙක්* විදිහට මම නීතිය අකුරටම පිළිපැද්දා.+ 6 මට තිබුණ උද්යෝගය නිසා මම සභාවට පීඩා කළා.+ නීතියේ තිබුණ දේවල් ඒ විදිහටම පිළිපැදලා මං නිර්දෝෂ කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා.
-