-
ලෙවී කතාව 11:13-20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 “‘පියාසර කරන ජීවීන්ගෙන් ඔබ මේ සතුන්ව නොකෑ යුතුයි. උන්ව ඉතා පිළිකුල් සතුන් විදිහට සැලකිය යුතුයි. ඒ සතුන් නම්: රාජාලියා,+ මාළු උකුස්සා, කලු ගිජුලිහිණියා,+ 14 රතු උකුස්සා, එක එක වර්ගයේ කලු උකුස්සන්, 15 එක එක වර්ගයේ කපුටන්, 16 පැස්බරා, බකමූණා, මුහුදු කපුටා,* එක එක වර්ගයේ කුරුලුගොයන්,* 17 පුංචි බස්සා, දියකාවා, කන් දිග බකමූණා, 18 හංසයා, පැස්තුඩුවා, ගිජුලිහිණියා, 19 මානකොකා, එක එක වර්ගයේ කොක්කු, පොරෝ කුරුල්ලා* සහ වවුලා. 20 පියාපත් ඇති, කකුල් හතරක් තියෙන, රංචු ගැහෙන හැම කෘමි වර්ගයක්මත් ඔබ පිළිකුල් සතුන් විදිහට සැලකිය යුතුයි.
-
-
ද්විතීය කතාව 14:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 පියාපත් ඇති රංචු ගැහෙන හැම කෘමි වර්ගයක්ම අපවිත්රයි කියලා සලකන්න ඕනේ. උන්ව කෑමට ගන්න එපා.
-