17 එයාලා අම්ෆිපොලිස් සහ අපොලෝනිය කියන නගර හරහා ගිහින් තෙසලෝනිකයට ආවා.+ එහේ යුදෙව්වරුන්ගේ සිනගෝගයක් තිබුණා. 2 පාවුල් පුරුදු වෙලා හිටපු විදිහට+ සිනගෝගයට ගිහින් සබත් දවස් තුනක් පුරා ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා එහේ හිටපු අයට දේවල් තර්කානුකූලව පැහැදිලි කළා.+