-
ක්‍රියා 15:28, 29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 දෙවියන්ගේ බලයේ+ උදව්වෙන් අපි තීරණය කළේ ඔයාලා පිටට අනවශ්‍ය බරක් පටවන එක සුදුසු නැහැ කියලයි. ඔයාලා වැළකිලා ඉන්න ඕනෙ මේ අත්‍යවශ්‍ය දේවලින් විතරයි. 29 රූපවලට පූජා කරලා තියෙන දේවලින්,+ ලේවලින්,+ බෙල්ල මිරිකලා මරපු* සත්තුන්ගේ මස් කන එකෙන්+ සහ ලිංගික දුරාචාරයෙන්*+ ඔයාලා දිගටම වැළකිලා ඉන්න ඕනේ. ඒ දේවලින් වැළකිලා ඉන්න ඔයාලා ලොකු උත්සාහයක් දැරුවොත් ඔයාලට යහපතක් වෙයි. ඔයාලට නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා අපි පතනවා!”*
-
-
1 පේතෘස් 4:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ඔයාලා මේ ලෝකේ මිනිස්සු කැමති දේවල් කරකර ඇති තරම් කාලයක් ගත කළා.+ ඒ කාලේ ඔයාලා පහත් දේවල් කරලා කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරුණා.* කිසිම පාලනයක් නැතුව වැරදි ආශාවන්වලට අහු වෙලා වැඩ කළා. අධික විදිහට මත්පැන් බිව්වා. ඝෝෂාකාරී උත්සවවලට,* මත්පැන් බොන්නම දාන සාදවලට ගියා. හරිම පිළිකුල් විදිහට* රූපවලට නමස්කාර කළා.+
-