23 ඒ මුළු සභාවම නැඟිටලා යේසුස්ව පිලාත් ඉස්සරහට අරන් ගියා.+ 2 එතනදී එයාලා යේසුස්ට විරුද්ධව මේ වගේ චෝදනා එල්ල කළා.+ “මේ මිනිහා අපේ රජට විරුද්ධව කැරලිගහන්න අපේ සෙනඟව උසිගන්වනවා. එයා සීසර්ට බදු ගෙවන්න එපා කියනවා.+ ඒ වගේම එයාම කියනවා ක්රිස්තුස් කියන රජ එයා කියලා.”+