12 සහෝදරයෙනි, දෙවියන් ඔයාලට දයානුකම්පාව පෙන්නලා තියෙන නිසා මම ඔයාලාගෙන් ඉල්ලන්නේ ඔයාලාගේ ශරීරත්+ ජීවිතත් පූජාවක් විදිහට ඔප්පු කරන්න කියලා. ඒ පූජාව ශුද්ධ,+ දෙවියන්ට පිළිගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. ඉතින් ඔහුට සේවය කරද්දී හිතලා දේවල් කරන්න ඔයාලට ලැබිලා තියෙන හැකියාව පාවිච්චි කරන්න.+