ක්‍රියා 20:29, 30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මං ඔයාලාගෙන් වෙන් වෙලා ගියාට පස්සේ රැළට කිසිම ආදරයක් නැති දරුණු වෘකයන් වගේ පිරිසක් ඔයාලා අතරට එනවා+ කියලා මං දන්නවා. එයාලා රැළට හරිම කුරිරු විදිහට සලකයි. 30 ඔයාලා අතරේම ඉන්න සමහර අය සත්‍ය ඉගැන්වීම් විකෘති කරලා උගන්වයි. මොකද එයාලට ඕනෙ ගෝලයන්ව එයාලාගේ පැත්තට නම්මගන්න.+ 1 කොරින්ති 11:18, 19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මේ බලන්න, ඔයාලා එකට රැස් වෙද්දී ඔයාලා අතරේ බෙදීම් තියෙනවා කියලා මට ආරංචි වුණා. ඇත්තටම මට ඒක විශ්වාස කරන්න පුළුවන්. 19 ඔයාලා නිකායන්වලටත්* බෙදිලා ගිහින් ඇති.+ ඒත් ඒකෙන් දෙවියන් සතුටු වෙන්නේ කවුරු ගැනද කියලා පැහැදිලි වෙයි. 1 යොහන් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මගේ දරුවෙනි, අපි ඉන්නේ අන්තිම පැයේ. ඔයාලා අහලා තියෙනවා ක්‍රිස්තු විරෝධියා* එනවා කියලා.+ ඇත්තටම ක්‍රිස්තු විරෝධීන් හුඟදෙනෙක් දැනටමත් ඉන්නවා.+ ඒකෙන් තේරෙනවා අපි ඉන්නේ අන්තිම පැයේ කියලා.
29 මං ඔයාලාගෙන් වෙන් වෙලා ගියාට පස්සේ රැළට කිසිම ආදරයක් නැති දරුණු වෘකයන් වගේ පිරිසක් ඔයාලා අතරට එනවා+ කියලා මං දන්නවා. එයාලා රැළට හරිම කුරිරු විදිහට සලකයි. 30 ඔයාලා අතරේම ඉන්න සමහර අය සත්‍ය ඉගැන්වීම් විකෘති කරලා උගන්වයි. මොකද එයාලට ඕනෙ ගෝලයන්ව එයාලාගේ පැත්තට නම්මගන්න.+
18 මේ බලන්න, ඔයාලා එකට රැස් වෙද්දී ඔයාලා අතරේ බෙදීම් තියෙනවා කියලා මට ආරංචි වුණා. ඇත්තටම මට ඒක විශ්වාස කරන්න පුළුවන්. 19 ඔයාලා නිකායන්වලටත්* බෙදිලා ගිහින් ඇති.+ ඒත් ඒකෙන් දෙවියන් සතුටු වෙන්නේ කවුරු ගැනද කියලා පැහැදිලි වෙයි.
18 මගේ දරුවෙනි, අපි ඉන්නේ අන්තිම පැයේ. ඔයාලා අහලා තියෙනවා ක්‍රිස්තු විරෝධියා* එනවා කියලා.+ ඇත්තටම ක්‍රිස්තු විරෝධීන් හුඟදෙනෙක් දැනටමත් ඉන්නවා.+ ඒකෙන් තේරෙනවා අපි ඉන්නේ අන්තිම පැයේ කියලා.