17 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 18 “වතුර භාජනයකුත් ඒ භාජනය තියන්න ආධාරකයකුත් තඹවලින් හදන්න.+ ඒක හමු වීමේ කූඩාරම සහ පූජාසනය අතරේ තියලා ඒකට වතුර පුරවන්න.+ ඇඟ පිරිසිදු කරගන්න ඒක පාවිච්චි කළ යුතුයි. 19 ආරොන් සහ ඔහුගේ පුතුන් ඔවුන්ගේ අත පය ඒකෙන් සෝදගත යුතුයි.+