-
යෙසායා 25:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
පොළොව පුරාම ඔහුගේ සෙනඟ නින්දාවට පත් වෙලා හිටියා. ඒත් ඔහු ඒක අයින් කරනවා.
ඒ දේ කියන්නේ යෙහෝවායි.
-
-
රෝම 8:20, 21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 දෙවියන් නිර්මාණය කරපු දේවල් ඉස්සරහා තිබුණේ කිසිම තේරුමක් නැති අනාගතයක්. අකමැත්තෙන් වුණත් ඒකට යටත් වෙන්න ඒ දේවල්වලට සිද්ධ වුණා.+ මොකද ඒකට ඉඩ දුන්නේ දෙවියන්. ඒත් ඔහු ඒ දේ නියම කරද්දී අපිට බලාපොරොත්තුවකුත් දුන්නා. 21 දෙවියන් දැනගෙන හිටියා ඔහු නිර්මාණය කරපු දේවල් කුණු වෙන සහ මරණයෙන් කෙළවර වෙන ජීවිතේකට වහල් වෙලා හිටියත් ඒකෙන් නිදහස් වෙනවා කියලා.+ ඒ වගේම දෙවියන්ගේ දරුවන් අද්දකින තේජවත් නිදහස ඒ නිර්මාණවලට අද්දකින්න ලැබෙනවා කියලා ඔහු දැනන් හිටියා.
-