-
2 තිමෝති 2:24, 25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 ස්වාමීන්ගේ දාසයෙක් කාත් එක්කවත් රණ්ඩු කරගන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට එයා හැම කෙනෙක් එක්කම කාරුණිකව* වැඩ කරන්න ඕනේ.+ එයා උගන්වන්න සුදුසුකම් තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ. කවුරු හරි එයාට වරදක් කළොත් එයාට ඒක ඉවසන්න පුළුවන් වෙන්නත් ඕනේ.+ 25 උගන්වන දේවල්වලට එකඟ වෙන්නේ නැති අයට මෘදු විදිහට* මඟ පෙන්වීම් දෙන්න එයාට පුළුවන් වෙන්න ඕනේ.+ මොකද පසුතැවිලි වෙන්නත් සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගන්නත් දෙවියන් ඒ අයට උදව් කරන්න ඉඩ තියෙනවා.+
-
-
තීතස් 3:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ආණ්ඩුවලට සහ බලධාරීන්ට යටත් වෙලා කීකරු වෙන්න කියලා නිතරම එයාලට මතක් කරන්න.+ හැම යහපත් වැඩක්ම කරන්න ලෑස්ති පිට ඉන්න කියලත් 2 කිසිම කෙනෙක්ගේ නමට හානියක් වෙන විදිහට කතා කරන්න හරි රණ්ඩු දබරවලට පැටලෙන්න හරි එපා කියලත් එයාලට මතක් කරන්න. තමන්ගෙම මතේ එල්ලිලා ඉන්නවා වෙනුවට+ අනිත් අය එක්ක වැඩ කරද්දී හැම වෙලේම කාරුණිකව* දේවල් කරන්න+ කියලත් මතක් කරන්න.
-