ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීතයක්.
29 බලවතුන්ගේ පුත්‍රයෙනි, යෙහෝවා දෙවියන්ට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න.
යෙහෝවාට තියෙන තේජස සහ බලය නිසා ඔහුට ප්‍රශංසා කරන්න.+
2 යෙහෝවාගේ නමට දෙන්න ඕනෙ ගෞරවය දෙන්න.
ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා* යෙහෝවා ඉදිරියේ වැඳ වැටෙන්න.
යෙහෝවා ජල කන්දරාවන්ට ඉහළින් ඉඳන් ඒවාට අණ දෙයි.+
6 ඔහු නිසා ලෙබනොන්* වහු පැටියෙක් වගේ පැනපැන යයි.
ඔහු සිරියොන් කන්ද+ කුළු හරකෙක් වගේ දුව පැන යන්න සලස්වයි.
7 යෙහෝවා දෙවියන් කතා කරද්දී අකුණු සැර විහිදෙයි.+
8 යෙහෝවාගේ හඬට පාළුකරය දෙදරුම් කයි.+
යෙහෝවා කාදෙෂ් පාළුකරය දෙදරුම් කන්න සලස්වයි.+
දේවමාලිගාවේ ඉන්න හැමෝම “දෙවියන්ට ගෞරවය ලැබේවා” කියලා කෑගසයි.
10 යෙහෝවා ඔහුගේ සිංහාසනය මහා ජල කන්දරාවට* ඉහළින් පිහිටෙව්වා.+
යෙහෝවා සිංහාසනයේ ඉඳගෙන සදහටම රජකම් කරනවා.+
11 යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ශක්තිය ලබා දෙනවා.+
සාමයෙන් ජීවත් වෙන්න යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා.+