පළවෙනි ලේකම්
20 අලුත් අවුරුද්දක් පටන්ගන්නවත් එක්කම* යෝවාබ්+ එයාගේ හමුදාව එක්ක අම්මොන්වරුන්ට විරුද්ධව යුද්දෙට ගිහිල්ලා එයාලාගේ දේශය විනාශ කළා. (සාමාන්‍යයෙන් රජවරු යුද්දෙට ගියේ අවුරුද්දේ මුල් කාලේදී.) ඒත් දාවිත් යෙරුසලමේ නැවතුණා.+ යෝවාබ් ගිහින් රබ්බා+ නගරය වටලලා ඒකට පහර දීලා ඒක විනාශ කරලා දැම්මා.+ 2 ඊටපස්සේ දාවිත් මල්කාම් දෙවියන්ගේ රූපයේ තිබුණ ඔටුන්න ගලවගත්තා. ඒ ඔටුන්නේ බර රත්තරන් තලෙන්තයක්.* ඒකේ වටිනා මැණික් ගලුත් අල්ලලා තිබුණා. ඒ ඔටුන්න දාවිත්ට පැලඳෙව්වා. දාවිත් ඒ නගරයේ තිබුණ වටිනා දේවල් හුඟක් අරගත්තා.+ 3 දාවිත් ඒ නගරයේ හිටපු සෙනඟට යකඩවලින් හදපු තියුණු උපකරණ සහ පොරෝ දීලා එයාලාගෙන් වැඩ ගත්තා.+ දාවිත් එයාලා ලවා ගල් කප්පවගත්තා. ඒ විදිහට අම්මොන්වරුන්ට අයිති හැම නගරයකම හිටිය සෙනඟගෙන් එයා වැඩ ගත්තා. ඊටපස්සේ දාවිත් රජ සහ එයා එක්ක හිටිය හැමෝම ආයෙත් යෙරුසලමට ගියා.
4 ඊටපස්සේ ගෙෂෙර්වලදී පිලිස්තිවරුන් එක්ක යුද්ධයක් ඇති වුණා. හූෂා කියන නගරයෙන් ආපු* සිබ්බෙකයි,+ රෙෆායිවරුන්ගෙන්+ පැවතෙන කෙනෙක් වුණ සිප්පයිව මරලා දැම්මේ ඒ යුද්දේදී. ඒ විදිහට පිලිස්තිවරුන්ව යටත් කරගන්න පුළුවන් වුණා.
5 පිලිස්තිවරුන්ට විරුද්ධව තවත් යුද්ධයක් ඇති වුණා. ඒ යුද්දේදී යායිර්ගේ පුතා වුණ එල්හානාන් ගාත්වල ඉඳන් ආපු ගොලියත්ගේ+ සහෝදරයා වුණ ලාමීව මරලා දැම්මා. ලාමීගේ හෙල්ලයේ මිට හරියට රෙදි වියන්න පාවිච්චි කරන පොල්ලක්+ වගෙයි.
6 ඊටපස්සේ ගාත්වල+ ආයෙත් යුද්ධයක් ඇති වුණා. අත්වල සහ කකුල්වල ඇඟිලි 6 ගාණේ තිබුණ ඒ කියන්නේ ඇඟිලි 24ක් තිබුණ යෝධයෙක්+ එහේ හිටියා. එයාත් රෙෆායිවරුන්ගෙන් පැවතෙන කෙනෙක්.+ 7 එයා ඊශ්‍රායෙල්වරුන්ට හුඟක් නින්දා අපහාස කළා.+ අන්තිමේදී දාවිත්ගේ අයියා වුණ ෂිමෙයාගේ+ පුතා යොනාතාන් එයාව මරලා දැම්මා.
8 ගාත්වල+ හිටපු රෙෆායිවරුන්ගෙන්+ පැවතෙන ඒ හැමෝම දාවිත් සහ එයාගේ සේවකයන් අතින් මැරුම් කෑවා.