ලෙවී කතාව
17 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඔබ ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟටයි මෙහෙම කියන්න ඕනේ. ‘යෙහෝවා දුන්න ආඥාව මේකයි.
3 “‘“ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න කිසිම කෙනෙක්ට කඳවුර ඇතුළේ නැත්නම් කඳවුරෙන් පිටතදී වස්සෙක්ව හරි බැටළු පැටියෙක්ව හරි එළු පැටියෙක්ව හරි මරන්න අවසර නැහැ. 4 ඒ වෙනුවට යෙහෝවාගේ ශුද්ධ කූඩාරම ඉස්සරහට ඒ කියන්නේ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඒ සතාව ගෙනා යුතුයි. යෙහෝවාට ඔප්පු කරන පූජාවක් විදිහට ඌව ගෙනා යුතුයි. ඒත් කඳවුර ඇතුළේ හරි පිටතදී හරි කෙනෙක් සතෙක්ව මැරුවොත් ඔහු ඒ ලේවලට වග කියන්න ඕනේ. අනුමත නොකරන විදිහට ලේ හලපු නිසා ඔහු වරදකරුවෙක්. ඒ වරදට ඔහුව මරා දැමිය යුතුයි. 5 ඒ ආඥාව දෙන්නේ ඊශ්‍රායෙල් සෙනඟ එළිමහනේ සතුන්ව මරලා පූජා කරනවා වෙනුවට උන්ව යෙහෝවා ඉස්සරහට ගේන්න ඕනෙ නිසයි. ඔවුන් ඒ සතුන්ව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනල්ලා පූජකයාට භාර දිය යුතුයි. ඔවුන් ඒ සතුන්ව යෙහෝවාට හවුල් පූජාවන් විදිහට ඔප්පු කළ යුතුයි.+ 6 හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන යෙහෝවාගේ පූජාසනය මත පූජකයා ඒ සතුන්ගේ ලේ ඉසිය යුතුයි. ඒ සතාගේ තෙල් කොටස් පූජාසනය මත දැවිය යුතුයි. ඒකෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+ 7 ඔවුන් දෙවියන්ට ද්‍රෝහි වෙලා+ එළුවන්ගේ පෙනුම තියෙන දෙවි දේවතාවන්ට*+ පුදපූජා ඔප්පු කරන එක දැන් අත්හැරිය යුතුයි. ඒක පරම්පරාවෙන් පරම්පරාවට ඔබ දිගටම පැවැත්විය යුතු පනතක්.”’
8 “ඔබ ඔවුන්ට මෙහෙම කියන්න. ‘දවන පූජාවක් හරි වෙන ඕනෙම පූජාවක් හරි ඔප්පු කරන ඊශ්‍රායෙල් ජාතිකයෙක් නැත්නම් ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් 9 ඒ සතාව යෙහෝවාට ඔප්පු කරන්න හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනාවේ නැත්නම් ඔහුව මරා දැමිය යුතුයි.+
10 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙක් නැත්නම් ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් මොනම ජීවියෙක්ගේ හරි ලේ* කෑමට ගත්තොත්+ මම ඔහුව ප්‍රතික්ෂේප කරනවා. මම ඔහුව මරලා දානවා. 11 මොකද පණ තියෙන හැම ජීවියෙක්ගෙම ජීවිතය පවතින්නේ ලේ නිසයි.*+ මම ලේ පාවිච්චි කරන්න ඉඩ දුන්නේ මාත් එක්ක සාමකාමී බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙන්න පූජාසනය මත ඔප්පු කරන්නයි.+ ලේවල ජීවය තියෙන නිසා ඔබේ වැරදිවලට සමාව ලබාගන්න පුළුවන් ලේ මාර්ගයෙන් විතරයි.+ 12 “ඔබෙන් කිසිම කෙනෙක්ට ලේ කෑමට ගන්න අවසර නැහැ. ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයනුත්+ ලේ කෑමට නොගත යුතුයි”+ කියලා මම ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ ඒ නිසයි.
13 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙක් හරි ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් හරි කෑමට ගන්න පුළුවන් සතෙක්ව නැත්නම් කුරුල්ලෙක්ව දඩයම් කළොත් ඔහු උගේ ලේ බිමට වක් කරලා+ පස්වලින් වසා දැමිය යුතුයි. 14 මොකද පණ තියෙන හැම ජීවියෙක්ගෙම ජීවය තියෙන්නේ ලේවලයි. ලේ ජීවිතයට සමානයි. ඒ නිසයි මම ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වේ. “ඔබ මොනම ජීවියෙක්ගෙවත් ලේ නොකෑ යුතුයි. මොකද ලේ ජීවිතයට සමානයි. ඒ නිසා ලේ කෑමට ගන්න ඕනෙම කෙනෙක්ව මරා දැමිය යුතුයි.”+ 15 ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත් මැරිලා හිටපු සතෙක්ව හරි වනසතෙක් මරලා දාපු සතෙක්ව හරි කෑමට ගත්තොත්+ ඔහු තමන්ගේ ඇඳුම් හෝදලා, නාගෙන හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+ ඊටපස්සේ ඔහුව පවිත්‍ර කෙනෙක් හැටියට සලකන්න පුළුවන්. 16 ඒත් ඔහු ඇඳුම් හෝදගෙන නාගත්තේ නැත්නම් ඒ වරදට ඔහුට දඬුවම් ලැබෙනවා.’”+