පළවෙනි තිමෝති
2 මං ඉස්සෙල්ලාම හැමෝටම උනන්දු කරන්නේ හැම පසුබිමකම ඉන්න මිනිස්සු වෙනුවෙන් දෙවියන්ට යාච්ඤා කරන්න කියලයි. එයාලා වෙනුවෙන් කන්නලව් කරන්න, උදව් ඉල්ලන්න, දෙවියන්ට ස්තුති කරන්න. 2 රජවරුන් සහ උසස් නිලතල දරන හැමෝම වෙනුවෙනුත් එහෙම කරන්න.+ එතකොට අපිට පුළුවන් සන්සුන්, සාමකාමී ජීවිතයක් ගත කරලා ලොකු ගෞරවයකින්, භක්තියකින් මුළු හදවතින්ම දෙවියන්ට සේවය කරන්න.+ 3 අපිට ගැලවීම ලබා දෙන දෙවියන් ඒක සලකන්නේ හුඟක් යහපත්, ප්‍රසන්න දෙයක් විදිහට.+ 4 දෙවියන්ගේ කැමැත්ත තමයි හැම පසුබිමකටම අයිති මිනිස්සු ගැලවීම ලබාගන්න එක.+ ඒ වගේම එයාලා සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගන්න එක. 5 ඉන්නේ එක දෙවි කෙනෙක්.+ ඒ වගේම දෙවියන් සහ මිනිස්සු අතරේ+ ඉන්නේ එක මැදිහත්කරුවෙක්.+ ඔහු තමයි ක්‍රිස්තුස් යේසුස්.+ මිනිසෙක් වුණ ඔහු, 6 හැම කෙනෙක්ම* වෙනුවෙන් තමන්ගේ ජීවිතය දීලා නියමිත වන්දිය* ගෙව්වා.+ නියමිත කාලයේදී මිනිස්සු ඔහු කරපු ඒ දේ ගැන සාක්ෂි දෙයි. 7 යේසුස්ගේ නියෝජිතයෙක්*+ විදිහට මාව පත් කළෙත් දේශනා කරන වගකීම මට භාර දුන්නෙත් ඒ ගැන සාක්ෂි දරන්නයි.+ මං වෙනත් ජාතීන්ට විශ්වාසය සහ සත්‍යය ගැන උගන්වන්නේ+ ඒ නිසයි. මං කියන්නේ බොරුවක් නෙමෙයි ඇත්තක්.
8 පුරුෂයන්ට මං උනන්දු කරන්නේ එකට රැස් වෙන හැම තැනකදීම දෙවියන්ට යාච්ඤා කරන්න කියලයි. එයාලා අත් උස්සලා යාච්ඤා කරද්දී ඒක කරන්න ඕනෙ පිරිසිදු හදවතකින්.+ එයාලා හිතේ කිසිම කේන්තියක් නැතුව,+ වාදවිවාදවලට පැටලෙන්නේ නැතුව+ ඉන්නවාට මං කැමතියි. 9 ඒ වගේම ස්ත්රීන්ට මං කියන්නේ ගෞරවනීය* විදිහට ඇඳ පැලඳගෙන ඉන්න කියලයි. අඳින පලඳින විදිහෙන් එයාලා විනීත, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන අය* කියලා පේන්න ඕනේ. එයාලා අවධානය දෙන්න ඕනෙ විච්චූර්ණ කොණ්ඩ මෝස්තර දාන එකටවත් රත්තරන්, මුතු පලඳින එකටවත් හුඟක් ගණන් ඇඳුම් අඳින එකටවත් නෙමෙයි.+ 10 ඒ වෙනුවට එයාලා අවධානය දෙන්න ඕනෙ, දෙවියන් ගැන භක්තියක් තියෙන ස්ත්රීන්ට+ සුදුසු විදිහට ඇඳ පැලඳගෙන ඉන්න එකටයි. එයාලා ලස්සන වෙන්නේ එයාලා කරන හොඳ දේවලිනුයි.
11 උගන්වන වෙලාවලදී ස්ත්‍රියක්, උගන්වන කෙනාට සම්පූර්ණයෙන්ම යටත් වෙලා නිශ්ශබ්දව* ඉන්න ඕනේ.+ 12 උගන්වන්නවත් පුරුෂයෙක්ව යටත් කරගෙන ඉන්නවත් මං ස්ත්රීන්ට අවසර දෙන්නේ නැහැ. එයාලා නිශ්ශබ්දව* ඉන්න ඕනේ.+ 13 දෙවියන් ඉස්සෙල්ලාම නිර්මාණය කළේ ආදම්ව. ඒවව නිර්මාණය කළේ ඊටපස්සෙයි.+ 14 ඒ වගේම ආදම් රැවටුණේ නැහැ. ඒත් ස්ත්‍රිය සම්පූර්ණයෙන්ම රැවටිලා+ වරදට වැටුණා. 15 දරුවන් බිහි කරලා එයාලව හදා වඩා ගන්න එක ස්ත්‍රියකට ආරක්ෂාවක් වෙන්න පුළුවන්.+ ඒත් ඒක එයාට* ආරක්ෂාවක් වෙන්නේ එයා දිගටම හොඳ සිහිකල්පනාවකින් ඉඳලා* එයාගේ විශ්වාසය, ආදරය, ශුද්ධකම රැකගෙන හිටියොත් විතරයි.+