යෙසායා
28 එෆ්‍රායිම්වල+ බේබද්දන් හිතන්නේ ඔවුන්ගේ නුවර තේජවත්* ඔටුන්නක්* කියලයි.
සරුසාර නිම්නයට ඉහළ කන්දේ තියෙන ලස්සන මලක් කියලයි.
වයින්වලින් මත් වුණ ඒ හැමෝටම මොන තරම් විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ඒ ලස්සන මල පර වෙලා යයි.
2 යෙහෝවා දෙවියන් බලවත් කෙනෙක්ව එවන හැටි බලන්න!
දරුණු හිම කැට වර්ෂාවක් සහ භයානක චණ්ඩ මාරුතයක් වගෙත්
මහ ජලගැල්මක් ඇති කරන කුණාටුවක් වගෙත්
ඔහු ඒ ඔටුන්න වේගයෙන් පොළොවට ඇදලා දායි.
4 සරුසාර නිම්නයට ඉහළ කන්දේ තියෙන
පර වෙලා යන ඒ ලස්සන මල
ගිම්හානයට කලින් හටගත්ත අත්තික්කා ගෙඩියක් වගේ වෙයි.
කෙනෙක් ඒක දැක්ක ගමන්ම ඒක කඩාගෙන ගිල දමයි.
5 ඒ කාලේදී ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔහුගේ සෙනඟ අතරින් ඉතුරු වෙන අයට අලංකාර ඔටුන්නක් සහ ලස්සන මල් පලඳනාවක් වගේ වෙයි.+ 6 ඔහු විනිශ්චයකරුවන්ව යුක්තිය ඉටු කරන්න පොලඹවයි. නගරයේ දොරටු ඉස්සරහින් සතුරන්ව පන්නලා දාන අයව ඔහු ශක්තිමත් කරයි.+
7 පූජකයායි, අනාගතවක්තෘවරයායි වයින් නිසා මංමුළා වෙලා.
මත්පැන් නිසා ඔවුන් වැනිවැනී යයි.
වෙරි මතින් ඉන්න ඒ හැමෝම අතරමං වෙලා.
වයින් නිසා සිහියත් විකල් වෙලා.
මත්පැන් බීලා ඔවුන් වැනිවැනී යයි.
ඔවුන් දකින දර්ශන ඔවුන්ව නොමඟ යවයි.
ඒ මේ අත වැනෙන ඒ අයට හරි විනිශ්චයක් දෙන්න බැහැ.+
8 මොකද වමනේ පිරුණ ඔවුන්ගේ මේසවල
පිරිසිදු තැනක් නැති තරම්.
9 ඔවුන් මෙහෙම කියයි. “එයා ඔය උගන්වන්න හදන්නේ කාටද?
ඔය පණිවිඩය තේරුම් කරලා දෙන්න හදන්නේ කාටද?
එයා හිතන්නේ අපි අම්මාගේ තුරුලේ ඉඳගෙන
ඊයේ පෙරේදා කිරි බොන කාලේ පහු කරපු ළදරුවන් කියලද?
මේ විදිහට කරන්න. අර විදිහට කරන්න.”
11 ඒ නිසා ගොතගගහා, වෙන භාෂාවක් කතා කරන ජාතියක් ලවා දෙවියන් මේ සෙනඟට කතා කරයි.+ 12 “විවේක ගන්න පුළුවන් තැන මේකයි. මහන්සි වෙලා ඉන්න අයට පුළුවන් මෙතනට වෙලා විවේක ගන්න. මෙතන තමයි සහනයක් ලැබෙන තැන” කියලා දෙවියන් කිව්වත් ඔවුන් ඒක කනකටවත් ගත්තේ නැහැ.+ 13 ඒ නිසා යෙහෝවා ආයෙත් ඔවුන්ට මෙහෙම කියයි.
“මේ අණ පිළිපදින්න. අර අණ පිළිපදින්න.
මේකයි හරි මිම්ම. අරකයි හරි මිම්ම.+
මේ විදිහට කරන්න. අර විදිහට කරන්න.”
ඒත් ඔවුන් ඇහුම්කන් දෙන්නේ නැහැ.
ඒ නිසා පය පැටලිලා ඔවුන් වැටිලා යයි.
හොඳටම තුවාල වෙලා උගුලකට අහු වෙයි.+
මහ ජලගැල්මක් ආවත්
අපිට හානියක් වෙන්නේ නැහැ.
මොකද අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන,
ඒක ඇතුළේ හැංගිලා ඉන්නවා.”+
16 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියයි.
“මම හොඳට පරීක්ෂා කරපු ගලක් පාවිච්චි කරලා සියොන්වල අත්තිවාරමක් දානවා.+
ඒ ගැන විශ්වාසය තියන කිසිම කෙනෙක් කලබල වෙන්නේ නැහැ.+
බොරුව කියන රක්ෂස්ථානය හිම කැට වර්ෂාවෙන් ගහගෙන යයි.
ඔබ හැංගිලා ඉන්න තැන ජලගැල්මෙන් යට වෙලා යයි.
ජල පහර වේගයෙන් ගලාගෙන ආවාම
ඔබ ඒකට අහු වෙලා විනාශ වෙලා යයි.
19 ඒක වේගයෙන් ගලාගෙන එන හැම වෙලාවකම
ඔබ ඒකට ගහගෙන යයි.+
මොකද ඒක උදයක් උදයක් පාසාත්
රෑ දවල් දෙකේදීමත් ගලාගෙන එයි.
දැනෙන බය නිසයි ඔවුන් ආරංචි වුණ දේ තේරුම්ගන්නේ.”*
20 මොකද යහන හාන්සි වෙන්නවත්
පොරවන රෙද්ද පොරවගන්නවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
21 මොකද යෙහෝවා පෙරාෂිම් කන්දේදී කළා වගේ නැඟී සිටියි.
ගිබියොන් ළඟ තියෙන නිම්නයේදී* කළා වගේ ඔහු ඉක්මනින්ම පියවර ගනියි.+
ඒ පියවර ගන්නේ පුදුම හිතෙන ඔහුගේ ක්‍රියාව කරන්නයි.
අදහාගන්න බැරි ඒ දේ කරන්නයි.+
22 ඒ නිසා දැන් සමච්චල් කරන එක නවත්තන්න.+
නැත්නම් ඔබේ විලංගු තවත් තද කරයි.
මොකද මම දන්වන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ පණිවිඩයයි.
23 මගේ හඬට හොඳින් සවන් දෙන්න.
හොඳට අවධානය දීලා මං කියන දේ අහන්න.
24 සීසාන කෙනෙක් බීජ වපුරන්නේ නැතුව දවසම හානවාද?
පස කොටලා හැමදාමත් ඒක පෙරළ පෙරළ ඉන්නවාද?+
25 පස සූදානම් කළාට පස්සේ
ඔහු කලුදුරු සහ සූදුරු වපුරයි.
තිරිඟු, මෙනේරි සහ බාර්ලි නියමිත තැන්වල පැළ කරයි.
මායිම්වල තණ හාල්+ හිටවයි.
කලුදුරු තළන්නේ පොල්ලකින්.
සූදුරු තළන්නේ කෝටුවකින්.
28 කෙනෙක් ධාන්‍ය පාගද්දී ඒවා රොටි හදන පිටි තරමටම කුඩු කරනවාද?