ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීයක්.
101 යෙහෝවා දෙවියනි, මම ඔබට ප්රශංසා ගී ගයනවා.*
ඔබේ නොසැලෙන ආදරය සහ යුක්තිය ගැන ගායනා කරනවා.
2 දෙවියනි, ඔබ මගේ උදව්වට එන්නේ කවදාද?
මගේ එකම ආශාව, සිහිකල්පනාවෙන් වැඩ කරලා නිර්දෝෂ ජීවිතයක් ගත කරන එකයි.*
මට ඕනෙ නිවසේ ඉද්දීත් ඔබට විශ්වාසවන්තව ඉන්නයි.+
3 මම කවදාවත් කිසි කමකට නැති දේවල් දිහා බලන්නේ නැහැ.
4 වංක සිත් තියෙන අයගෙන් මං ඈත් වෙලා ඉන්නවා.
කිසිම වැරදි දේකට මං හවුල් වෙන්නේ නැහැ.
5 තමන්ගේ අසල්වැසියාට අපහාස කරන්න රහසින් බොරු පතුරුවන අයව+ මම නිහඬ කරනවා.*
උඩඟු ඇස් සහ අහංකාර සිත් තියෙන අය කරන දේවල් මම කොහොමටවත් ඉවසන්නේ නැහැ.
6 පොළොවේ ඉන්න, ඔබට විශ්වාසවන්ත අය ගැන මම සතුටු වෙනවා.
මාත් එක්ක ජීවත් වෙන්න මම ඔවුන්ට අවස්ථාව දෙනවා.
මට සේවය කරන්න මං තෝරගන්නේ නිර්දෝෂ ජීවිතයක් ගත කරන* අයවයි.
7 වංක විදිහට වැඩ කරන කිසිම කෙනෙක්ට මගේ ගෙදර ඉඩක් නැහැ.
බොරු කියන කාටවත් මාත් එක්ක ඉන්න ලැබෙන්නේ නැහැ.