ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. යෙදූතුන්.* ආසාෆ් රචනා කරපු ගීතයක්.+
රෑ පුරාම මගේ දෑත් ඔහු දෙසට ඔසවගෙන ඉන්නවා.
මගේ හිතට කිසි සැනසීමක් නැහැ.
3 දෙවියන්ව මතක් වෙද්දී මට දරාගන්න බැරි දුකක් දැනෙනවා.+
මං ඉන්නේ ලොකු වේදනාවකින්. මගේ ඇඟට කිසි පණක් නැහැ.+ (සීලාහ්)
4 ඔබ මගෙන් නින්ද උදුරගත්තා.
කතා කරගන්න බැරි තරමට මගේ හිත කැලඹිලා.
6 මං ගායනා කරපු ගීතය* මට මතක් වෙනවා.+
මම හුඟක් දේවල් ගැන හොඳට හිතලා බලනවා.+
මේ කාරණා ගැන හොඳින් හොයලා බලනවා.
7 යෙහෝවා අපිව සදහටම අත්හැරලා දාලාද?+
අපිට ආයේ කවදාවත් ඔහුව සතුටු කරන්න බැරි වෙයිද?+
8 ආයේ කවදාවත් ඔහුගේ නොසැලෙන ආදරය
ඔහු අපිට පෙන්වන එකක් නැද්ද?
ඔහුගේ පොරොන්දු ඉටු වෙන විදිහ
ඉදිරි පරම්පරාවලට දැකගන්න බැරි වෙයිද?
9 කරුණාව පෙන්වන්න දෙවියන්ට අමතක වෙලාද?+
එහෙමත් නැත්නම් ඔහුගේ කේන්තිය නිසා
ඔහු ආයේ කවදාවත් අපිට දයාව පෙන්වන්නේ නැතුව ඉඳියිද? (සීලාහ්)
10 මම නිතර නිතර මෙහෙම කියනවා.
“උසස්ම දෙවියන් ඉස්සර වගේ දැන් අපිට උදව් කරන්නේ නැහැ.
මට දරාගන්න බැරි* වේදනාවක් දැනෙන්නේ ඒ නිසයි.”+
12 දෙවියනි, ඔබ කරපු හැම දෙයක් ගැනම මම ගැඹුරින් කල්පනා කරනවා.
ඔබ මිනිසුන් එක්ක වැඩ කරන විදිහ ගැනත් හොඳට හිතනවා.+
13 දෙවියනි, ඔබ වැඩ කරන විදිහ ශුද්ධයි.
ඔබ තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඉන්නවාද?+
14 පුදුමාකාර දේවල් කරන සැබෑ දෙවියන් ඔබයි.+
ඔබේ ශක්තිය මොන තරම්ද කියලා ඔබ මිනිසුන්ට පෙන්වලා තියෙනවා.+
මහ සයුර කැලඹුණා.
17 වලාකුළුවලින් ජලය ඇද හැලුණා.
වැහිබර අහස ගිගුරුම් දුන්නා.
ඔබේ අකුණු සැර ඊතල වගේ දසත විහිදිලා ගියා.+
18 ඔබෙන් නික්මුණ ගිගුරුම් හඬ+ යුධ රථවල හඬ වගේ.
අකුණු සැරවලින් නික්මුණ ආලෝකය පොළොව* පුරාම විහිදිලා ගියා.+
පොළොව කැලඹිලා දෙදරුම් කෑවා.+