ගීතාවලිය
ආසාෆ් රචනා කරපු ගීයක්.+
79 දෙවියනි, ඔබේ සෙනඟට ඔබ උරුමයක් විදිහට දුන්න දේශය+ ජාතීන් ආක්‍රමණය කරලා.
ඔවුන් ඔබේ ශුද්ධ මාලිගාව අපවිත්‍ර කරලා.+
යෙරුසලම නටබුන් ගොඩක් කරලා.+
5 අනේ යෙහෝවා, තව කොච්චර කාලයක් ඔබ අපි එක්ක කේන්තියෙන් ඉන්නවාද?
6 ඔබව හඳුනගන්න අකමැති වුණ ජාතීන් පිටටත්
ඔබේ නම කියලා කන්නලව් කරන්නේ නැති රාජ්‍යයන් පිටටත් ඔබේ කේන්තිය පිට කරන්න.+
8 දෙවියනි, අපේ මුතුන්මිත්තන් කරපු වැරදිවලට අපිට දඬුවම් කරන්න එපා.+
ඉක්මනින්ම ඇවිත් අපිට දයාව පෙන්වන්න.+
මොකද අපිව බිමටම ඇදලා දාලා.
ඔබේ ශ්‍රේෂ්ඨ නම ගැන හිතලා අපිට උදව් කරන්න.
අපිව බේරගෙන අපේ වැරදිවලට සමාව දෙන්න.
ඔබේ නම වෙනුවෙන් එහෙම කරන්න.+
10 “කෝ ඔවුන්ගේ දෙවියන්” කියලා අහන්න ඔබ ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+
මරලා දාපු ඔබේ සේවකයන් වෙනුවෙන් ඔබ යුක්තිය ඉටු කරනවා කියලා
අපි ඉස්සරහම ජාතීන්ට පෙන්වන්න.+
11 සිරකරුවන්ගේ කෙඳිරිලි හඬට සවන් දෙන්න.+