යෙරෙමියා
13 යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. “ගිහින් ලිනන් රෙදිවලින් හදලා තියෙන පටියක් සල්ලි දීලා අරගන්න. ඒක ඔයාගේ ඉණ වටේ බැඳගන්න. ඒකට වතුර වදින්න දෙන්න එපා.” 2 ඉතින් මම යෙහෝවා කියපු විදිහටම පටියක් සල්ලි දීලා අරගෙන ඒක මගේ ඉණ වටේ බැඳගත්තා. 3 යෙහෝවා ආපහු සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 4 “ඔයා ඉණ වටේ බැඳගෙන ඉන්න පටියත් අරගෙන යුප්‍රටීස් ගඟ ළඟට ගිහින් එතන තියෙන පර්වත කුහරයක ඒක හංගන්න.” 5 ඉතින් මම යෙහෝවා කිව්ව විදිහටම ගිහින් යුප්‍රටීස් ගඟ ළඟ ඒක හැංගුවා.
6 ඒත් සෑහෙන කාලයක් ගියාට පස්සේ යෙහෝවා මට මෙහෙම කිව්වා. “දැන් යුප්‍රටීස් ගඟ ළඟට යන්න. ගිහින් මම එතන හංගන්න කියපු ඉණපටිය ගන්න.” 7 ඉතින් මම යුප්‍රටීස් ගඟ ළඟට ගිහිල්ලා පටිය හංගලා තිබුණ තැන හාරලා ඒක ගත්තා. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි තරමට ඒක හොඳටම දිරලා ගිහින් තිබුණා.
8 එතකොට යෙහෝවා දෙවියන් මට මෙහෙම කිව්වා. 9 “යෙහෝවා කියන්නේ මේකයි. ‘මේ පටිය විනාශ වුණ විදිහටම මම යූදාවල ආඩම්බරකමත් යෙරුසලමේ අහංකාරකමත් නැති කරලා දානවා.+ 10 මේ දුෂ්ට සෙනඟ මගේ හඬට කීකරු වෙන්න කැමති වුණේ නැහැ.+ ඒ වෙනුවට ඔවුන් හිතුවක්කාර වෙලා ඔවුන්ගේ හිත කියන විදිහට වැඩ කළා.+ ඔවුන් වෙනත් දෙවිවරුන් පස්සේ ගිහින් ඒ දෙවිවරුන්ට වැඳ වැටිලා නමස්කාර කළා. කිසිම වැඩකට නැති මේ පටියට වුණ දේම ඔවුන්ටත් වෙනවා.’ 11 ‘ඉණපටියක් ඒක බැඳගෙන ඉන්න කෙනාගේ ඉණට ඇලිලා තියෙනවා වගේ මම ඊශ්‍රායෙල් සෙනඟවයි, යූදා සෙනඟවයි මං ළඟට අරගෙන මට ළං කරගත්තා’ කියලා යෙහෝවා කියනවා. ‘මම එහෙම කළේ ඔවුන්ව මගේ සෙනඟ කරගන්නයි.+ මට ප්‍රසිද්ධියක්,+ ප්‍රශංසාවක්, ගෞරවයක් ලැබෙන්නයි. ඒත් ඔවුන් මට කීකරු වුණේ නැහැ.’+
12 “ඔයා සෙනඟට මේ දේත් කියන්න. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා කියන්නේ මේකයි. “හැම විශාල බඳුනකටම වයින් පුරවන්න ඕනේ.”’ එතකොට එයාලා ඔයාට මෙහෙම කියයි. ‘හැම විශාල බඳුනකටම වයින් පුරවන්න ඕනෙ කියලා අපි දන්නවානේ.’ 13 එතකොට එයාලට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මේකයි. “දේශයේ ඉන්න හැමෝවම මම වයින්වලින් මත් කරවනවා.+ දාවිත්ගේ සිංහාසනයේ ඉන්න රජවරුන්ටත් පූජකයන්ටත් අනාගතවක්තෘවරුන්ටත් යෙරුසලමේ ජීවත් වෙන හැමෝටමත් මම ඒ දේම කරනවා. 14 මම ඔවුන් එකිනෙකා අතරේ ගැටුමක් ඇති කරලා ඔවුන්ව විනාශ කරනවා. තාත්තා පුතා කියලා කිසි වෙනසක් කරන්නේ නැහැ” කියලා යෙහෝවා කියනවා.+ “මම කිසිම අනුකම්පාවක් පෙන්නන්නෙවත් ඔවුන් ගැන දුක් වෙන්නෙවත් ඔවුන්ට දයාව පෙන්නන්නෙවත් නැහැ. ඔවුන්ව විනාශ කරන එකෙන් මාව නවත්තන්න කිසිම දේකට බැහැ.”’+
15 සවන් දීලා මේ දේ හිතට ගන්න.
ආඩම්බර වෙන්න එපා. මොකද යෙහෝවායි කතා කළේ.
16 ඔබේ දෙවි වන යෙහෝවාට ගෞරවය දෙන්න.
ඔහු අන්ධකාරය ගේන්න කලින් එහෙම කරන්න.
අඳුර වැටීගෙන එද්දී, කඳුවල ඉන්න ඔබේ පය පැටලිලා වැටෙන්න කලින් ඔහුට ගෞරවය දෙන්න.
යෙහෝවා දෙවියන්ගේ රැළ+ වහල්කමට අරන් ගිය නිසා
මම කඳුළු සලනවා. මගේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලා එයි.
18 රජටත් මව් රැජිනටත් මෙහෙම කියන්න.+ ‘පහළ තැනක ඉඳගන්න.
මොකද ඔබේ අලංකාර ඔටුන්න ඔබේ හිසෙන් අයින් කරලා දානවා.’
19 දකුණේ තියෙන නගරවල දොරටු වහලා දාලා.* ඒවා විවෘත කරන්න කිසිම කෙනෙක් නැහැ.
මුළු යූදා දේශයම වහල්කමට අරන් ගිහින්. ඔවුන් හැමෝවම අරන් ගිහින්.+
20 ඔබේ ඇස් ඇරලා උතුරෙන් එන අය දිහා බලන්න.+
ඔබට භාර දීපු රැළ කොහෙද? ඔබේ ලස්සන බැටළුවන් දැන් කොහෙද?+
21 ඔබ මුල ඉඳන් කිට්ටු මිතුරන් කරගත්ත අයගෙන් දඬුවම් විඳිද්දී ඔබ මොනවා කියයිද?+
දරුවෙක් බිහි කරන ස්ත්‍රියකට දැනෙන වේදනාවට සමාන වේදනාවක්
ඔබටත් ඒ වෙලාවේ දැනෙන එකක් නැද්ද?+
22 ‘මට මේ දේවල් වුණේ ඇයි’ කියලා ඔබ හිතයි.+
ඔබේ ඇඳුම ගලවලා දැම්මේ ඔබ කළ මහත් වැරදි නිසයි.+
ඔබේ යටිපතුල් දරුණු විදිහට තුවාල කළේ ඒ වැරදි නිසයි.
එහෙම කරන්න පුළුවන් නම් නරක දේ කරන්න පුරුදු වෙලා ඉන්න ඔබට හොඳ දේ කරන්න පුළුවන් වෙයි.
24 කාන්තාරයෙන් හමාගෙන එන හුළඟට ගහගෙන යන පිදුරු වගේ මම ඔවුන්ව විසුරුවාහරිනවා.+
25 ඔබට වෙන්නේ ඒකයි. ඒ තමයි මම ඔබට මැනලා දෙන කොටස” කියලා යෙහෝවා කියනවා.
26 මම ඔබේ ඇඳුම ගලවලා දානවා.
ඔබේ නිරුවත හැමෝම දකියි.+
27 ඔබ අනාචාරයේ යෙදුණ විදිහත්+ රාගයෙන් මත් වෙලා හිටපු විදිහත්
ලැජ්ජාවක් නැතුව ගණිකාවක් වගේ හැසිරුණ විදිහත් ගැන දැනගනියි.
කඳු මුදුන්වලත් එළිමහනෙත්
පිළිකුල්සහගත විදිහට ඔබ හැසිරුණ හැටි මම දැක්කා.+
අනේ යෙරුසලම, ඔබ මොන තරම් විපතක් අද්දකියිද!
තව කොච්චර කාලයක් ඔබ මෙහෙම අපවිත්‍රව ඉන්නවාද?”+