එසකියෙල්
2 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය,* නැඟිටින්න. මට ඔයාත් එක්ක කතා කරන්න ඕනේ.”+ 2 ඔහු මට කතා කළාම ඔහුගේ බලය මට ලැබුණා. කෙළින් හිටගන්න ඒ බලය මාව පෙලඹුවා.+ ඉතින් ඔහුට ඇහුම්කන් දෙන්න මං සූදානම් වුණා.
3 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මම ඔයාව ඊශ්‍රායෙල් සෙනඟ ළඟට,+ මට විරුද්ධව කැරලිගහපු ජාතීන්* ළඟට යවනවා.+ එයාලාගේ මුතුන්මිත්තන් කළා වගේ එයාලත් අද වෙන කල්ම මට විරුද්ධව වැරදි කළා.+ 4 මම ඔයාව යවන්නේ හරිම මුරණ්ඩු, දැඩි හිත් තියෙන සෙනඟක් ළඟටයි.+ ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මේ පණිවිඩය දැනුම් දෙනවා’ කියලා ඔයා ඒ සෙනඟට කියන්න ඕනේ. 5 සමහරවිට එයාලා ඔයාට ඇහුම්කන් දෙයි. ඒත් එයාලා කැරලිකාර සෙනඟක්+ නිසා ඔයා කියන දේට ඇහුම්කන් නොදී ඉන්නත් පුළුවන්. එයාලා ඇහුම්කන් දුන්නත් නැතත් එයාලා අතරේ අනාගතවක්තෘවරයෙක් හිටියා කියලා සෙනඟ අනිවාර්යයෙන්ම තේරුම්ගනියි.+
6 “මනුෂ්‍ය පුත්‍රය, කටු පඳුරුවලින් ඔයා වට වෙලයි ඉන්නේ.*+ ඔයා ඉන්නේ ගෝනුස්සන් අතරේ. ඒත් එයාලට බය වෙන්න එපා.+ එයාලා කියන දේවල්වලට බය වෙන්නත් එපා.+ එයාලා කැරලිකාර සෙනඟක් වුණත් එයාලා කියන දේවල්වලටවත් එයාලාගේ මූණුවලටවත් බය වෙන්න එපා.+ 7 මේ සෙනඟ කැරලිකාර සෙනඟක්. ඒ නිසා එයාලා ඔයා කියන දේට ඇහුම්කන් දුන්නත් නැතත් මං කියන දේ ඔයා එයාලට කියන්න ඕනේ.+
8 “මනුෂ්‍ය පුත්‍රය, මම කියන දේට ඇහුම්කන් දෙන්න. මේ කැරලිකාර සෙනඟ වගේ ඔයා කැරලිගහන්න එපා. දැන් කට අරින්න. මම ඔයාට දෙන දේ කන්න.”+
9 එතකොටම මං දිහාවට අතක් දික් කරනවා මම දැක්කා.+ දේවල් සටහන් කරලා තිබුණ ලියවිල්ලක් ඒ අතේ තිබුණා.+ 10 ඔහු ඒක මං ඉස්සරහා දිගහැරියා. ඒ ලියවිල්ලේ දෙපැත්තේම දේවල් සටහන් කරලා තිබුණා.+ ශෝක ගී වගේම දුකක් ගේන, වැලපෙන්න හේතු වෙන දේවල් ඒකේ ලියලා තිබුණා.+