ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. යෙහෝවාගේ සේවකයෙක් වුණ දාවිත් රචනා කරපු ගීතයක්.
36 දුෂ්ටයාගේ හිතේ තියෙන පව්කාර සිතුවිලි
වැරදි දේවල් කරන්න ඔහුව පොලඹවයි.
දෙවියන් ගැන ඔහුට කිසිම ගරුබියක් නැහැ.+
2 ඔහු තමන් ගැන මහ ඉහළින් හිතන නිසා
තමන් වරදක් කරනවා කියලා ඔහුට තේරෙන්නේ නැහැ.
ඒ වරද පිළිකුල් කරන්නත් ඔහුට බැහැ.+
3 ඔහුගේ කටින් පිට වෙන්නේ වේදනාකාරී වචන.
ඔහු කියන්නෙම අනිත් අයව රවට්ටන දේවල්.
හරි දේ මොකක්ද කියලා තේරුම් අරන්
ඒ දේ කරන්න ඔහුට හැකියාවක් නැහැ.
4 ඇඳේ ඉද්දීත් ඔහු සැලසුම් කරන්නේ
තව කෙනෙක්ට හානියක් කරන්නයි.
ඔහු නරක මාර්ගයේ දිගටම ගමන් කරයි.
නපුර ප්රතික්ෂේප කරන්න ඔහු තුළ කිසි කැමැත්තක් නැහැ.
5 යෙහෝවා දෙවියනි, ඔබ පෙන්වන නොසැලෙන ආදරය
ස්වර්ගය දක්වාම නැඟ යනවා.+
ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදී යනවා.
යෙහෝවා, ඔබ මිනිසුන්වත් සතුන්වත් ආරක්ෂා කරනවා.*+
7 දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය මොන තරම් වටිනවාද!+
මිනිසුන් ඔබේ පියාපත් සෙවණේ රැකවරණය ලබනවා.+
8 ඔබේ ගෘහයේ තියෙන හොඳම දේවලින් ඔවුන් තෘප්තිමත් වෙනවා.+
ඔවුන් ඇති වෙන කල් ඒ දේවල් පානය කරනවා.
ගංගාවක් වගේ ගලා බසින ඔබේ යහපත්කමින්
පානය කරන්න ඔබ ඔවුන්ට අවස්ථාව දෙනවා.+
10 ඔබව හඳුනන අයට හැමදාටම ඔබේ නොසැලෙන ආදරය පෙන්වන්න.+
හරි දේ කරන අයට දිගටම ඔබේ ධර්මිෂ්ඨකම දකින්න සලස්වන්න.+
11 උඩඟු අයට මාව පාගලා දාන්න ඉඩ දෙන්න එපා.
දුෂ්ටයන්ට මාව පන්නලා දාන්න ඉඩ දෙන්න එපා.