113 යාහ්ට ප්‍රශංසා කරන්න!
යෙහෝවා දෙවියන්ගේ සේවකයෙනි, ඔහුව පසසන්න.
යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන්න.
2 යෙහෝවාගේ නමට
දැනුත් සදාකාලයටමත් ප්‍රශංසාව ලැබේවා!+
3 නැඟෙනහිර ඉඳන් බස්නාහිර වෙන කල්
යෙහෝවාගේ නමට ප්‍රශංසාව ලැබේවා!+
4 යෙහෝවා සියලු ජාතීන්ට වඩා හුඟක් උසස්.+
ඔහුගේ තේජස අහසටත් ඉහළින් නැඟ යනවා.+
5 ස්වර්ගයේ ඉහළම තැන ඉන්න
අපේ දෙවි යෙහෝවාට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+
6 ඒත් ඔහු පහතට නැමිලා අහස දිහාත් පොළොව දිහාත් බලනවා.+
7 ඔහු අසරණයාව දූවිල්ලෙන් නැඟිටුවනවා.
දුප්පතාව අළු ගොඩෙන් ඔසවනවා.+
8 දෙවියන් එහෙම කරන්නේ ඔහුව වංශවත් අය එක්ක ඉන්දවන්නයි.
තමන්ගේ සෙනඟ අතරේ ඉන්න ශ්‍රේෂ්ඨ අය එක්ක ඉන්දවන්නයි.
9 දෙවියන් වඳ ස්ත්‍රියට දරුවන් දීලා
ඇගේ නිවසේ සතුටින් ඉන්න ඇයට අවස්ථාව දෙනවා.+
යාහ්ට ප්‍රශංසා කරන්න!