එස්තර්
5 තුන්වෙනි දවසේදී+ එස්තර් රාජකීය ඇඳුම්වලින් සැරසිලා රජගේ මාලිගාව ඉස්සරහා තිබුණ ඇතුල් මළුවට ගිහිල්ලා එතන හිටගෙන හිටියා. ඒ වෙලාවේ රජතුමා එයාගේ මාලිගාවේ තිබුණ සිංහාසනයේ වාඩි වෙලයි හිටියේ. ඒක තිබුණේ මාලිගාවට ඇතුල් වෙන දොරටුව ඉස්සරහා. 2 මළුවේ හිටපු එස්තර් බිසවව දැක්ක ගමන් රජ ගොඩක් සතුටු වුණා. ඉතින් රජ එයාගේ රන් යෂ්ටිය+ එස්තර් දිහාවට දික් කළා. එතකොට එස්තර් එතනට ගිහින් රන් යෂ්ටියේ ඉහළ කෙළවරට අත තිබ්බා.
3 රජ එයාගෙන් මෙහෙම ඇහුවා. “මගේ බිසව එස්තර්, මොකක්ද ඔයාගේ හිතේ තියෙන ප්රශ්නේ? ඔයාට මොනවාද ඕනේ? මට කියන්න. ඔයා මගේ රාජධානියෙන් භාගයක් ඉල්ලුවත් මම ඒක ඔයාට දෙනවා.” 4 එතකොට එස්තර් මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබ මගේ ආරාධනාව පිළිගන්න කැමති නම් මම අද ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන භෝජන සංග්රහයට හාමාන්+ එක්ක එන්න කියලා ඉල්ලනවා.” 5 ඉතින් රජ සේවකයන්ට කතා කරලා මෙහෙම කිව්වා. “එස්තර් බිසවගේ ඉල්ලීම ඉටු කරන්න හාමාන්ට ඉක්මනින් එන්න කියන්න.” ඊටපස්සේ රජ හාමාන් එක්ක එස්තර් සූදානම් කරලා තිබුණ භෝජන සංග්රහයට ගියා.
6 භෝජන සංග්රහයේ වයින් බොන අවස්ථාවේදී* රජ එස්තර්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයාට මොනවාද ඕනේ? මට කියන්න. මම ඒක ඔයාට දෙන්නම්. ඔයා මගේ රාජධානියෙන් භාගයක් ඉල්ලුවත් මම ඔයාට ඒක දෙනවා.”+ 7 එතකොට එස්තර් මෙහෙම කිව්වා. “රජතුමනි, මං ඔබෙන් ඉල්ලන්නේ මේකයි. 8 මං ඔබේ කරුණාව දිනාගෙන තියෙනවා නම් මගේ ඉල්ලීම ඉටු කරන්න ඔබතුමා සතුටුයි නම් මම හෙට සූදානම් කරන භෝජන සංග්රහයටත් හාමාන් එක්ක එන්න කියලා මං ඔබෙන් ඉල්ලනවා. මගේ ඉල්ලීම ගැන මම හෙට ඔබතුමාට කියන්නම්.”
9 එදා හාමාන් හරිම සතුටින් මාලිගාවෙන් පිටත් වෙලා ගියා. ඒත් රජමාලිගාවේ දොරටුව ළඟ හිටපු මොර්දෙකයි එයා එතනින් යද්දී හිටගත්තෙවත් මොර්දෙකයිට එයා ගැන කිසිම බයක් දැනුණෙවත් නැහැ කියලා දැක්කාම හාමාන් කේන්තියෙන් පුපුරන්න පටන්ගත්තා.+ 10 ඒත් හාමාන් එයාගේ කේන්තිය කාටවත් පෙන්නන්නේ නැතුව ගෙදර ගිහින් එයාගේ බිරිඳ වුණ ෂෙරෙෂ්ටයි, එයාගේ යාළුවන්ටයි+ එන්න කියලා කිව්වා. 11 හාමාන් එයාගේ වත්පොහොසත්කම් ගැනයි, එයාට ගොඩක් පුතාලා ඉන්න එක ගැනයි,+ රජ අනිත් අධිපතීන්ට සහ සේවකයන්ට වඩා උසස් තනතුරක් දීලා එයාව ගෞරවයට පත් කරපු එක ගැනයි+ එයාලා එක්ක මහ ලොකුවට කියවන්න පටන්ගත්තා.
12 හාමාන් එයාලට මෙහෙමත් කිව්වා. “ඒ විතරක් නෙමෙයි එස්තර් බිසව සූදානම් කරපු භෝජන සංග්රහයට මටත් ආරාධනා කළා. බිසව ඒකට ආරාධනා කළේ රජතුමාටයි, මටයි විතරයි. හෙටත් බිසව භෝජන සංග්රහයක් ලෑස්ති කරලා තියෙනවා.+ ඒකටත් රජතුමා එක්ක මට එන්න කිව්වා.+ 13 ඒත් රජමාලිගාවේ දොරටුව ළඟ ඉන්න අර යුදෙව්වා, අර මොර්දෙකයි ඉන්න කල් මට නම් මේ මොනවා තිබුණත් වැඩක් නෑ.” 14 එතකොට එයාගේ බිරිඳ වුණ ෂෙරෙෂ් සහ එයාගේ යාළුවෝ එයාට මෙහෙම කිව්වා. “රියන් 50ක්* උස කණුවක් හදන්න කියලා සේවකයන්ට අණ කරන්න. හෙට උදේ රජ ළඟට ගිහින් කියන්න මොර්දෙකයිව ඒ කණුවේ එල්ලන්න ඕනෙ+ කියලා. ඊටපස්සේ ඔයාට පුළුවන් රජතුමා එක්ක භෝජන සංග්රහයට ගිහින් හොඳට විනෝද වෙන්න.” ඒ අදහස හොඳයි කියලා හාමාන්ට තේරුණා. ඉතින් එයා කණුවක් හදන්න කියලා සේවකයන්ට කිව්වා.