ගීතාවලිය
ל [ලාමෙද්]
10 අනේ යෙහෝවා, ඔබ මගෙන් ඈත් වෙලා ඉන්නේ ඇයි?
මගේ දුකේදී මට පිහිට වෙන්නේ නැත්තේ ඇයි?+
3 දුෂ්ටයා ඔහුගේ වැරදි ආශාවන් ගැන පුරසාරම් දොඩයි.+
ඔහු කෑදර අයට ආශීර්වාද කරයි.*
נ [නුන්]
ඔහු යෙහෝවාට අගෞරව කරයි.
4 උඩඟුකම නිසා දුෂ්ටයා දෙවියන්ව දැන හඳුන ගන්න කිසි උත්සාහයක් දරන්නේ නැහැ.
“දෙවි කෙනෙක් නැහැ” කියලයි ඔහු හිතන්නේ.+
5 දෙවියනි, දුෂ්ටයා දිගින් දිගටම සාර්ථක වුණත්+
ඔබේ නීති ඔහුට කවදාවත් තේරුම්ගන්න බැහැ.+
ඔහුගේ සතුරන්ට ඔහු සමච්චල් කරයි.
6 “මම නම් කවදාවත් වැටෙන්නේ නැහැ.
පරම්පරා ගාණක් ගත වුණත් මට කිසිම හානියක් වෙන්නේ නැහැ” කියලා ඔහු හිතනවා.+
פ [පේ]
ע [ආයින්]
කිසිම හව්හරණක් නැති අයව අල්ලගන්න බලාගෙන ඉඳියි.+
9 සිංහයෙක් වගේ ඔහු හැංගිලා මඟ රැකගෙන ඉඳියි.+
ඔහු බලන් ඉන්නේ අසරණ කෙනෙක්ව අල්ලගන්නයි.
ඔහු දැලක් දාලා ඒ අහිංසකයාව අහු කරගනියි.+
10 අසරණයාව තළලා පොඩි කරලා බිමටම ඇදලා දානවා.
පීඩාවට පත් වුණ අය දුෂ්ටයාගේ ග්රහණයට හසු වෙනවා.
11 “මං කරපු දේවල් දෙවියන්ට අමතක වෙලා!+
ඔහු අහක බලාගෙනයි ඉන්නේ!
ඔහුට මේවා පේන්නේ නැහැ”+ කියලා දුෂ්ටයා හිතනවා.
ק [කෝෆ්]
12 අනේ යෙහෝවා, නැඟිට+ ඔබේ මහත් බලය පෙන්වන්න.+
අසරණ අයව අමතක කරන්න එපා.+
13 දුෂ්ටයා දෙවියන්ට අගෞරව කරන්නේ ඇයි?
ඔහු හිතන්නේ “දෙවියන් මට කවදාවත් දඬුවම් කරන්නේ නැහැ” කියලයි.
ר [රේෂ්]
14 ඒත් මිනිසුන් විඳින දුක් කරදර ඔබට පේනවා.
ඔවුන්ට සහනයක් දෙන්න ඔබ බලාගෙන ඉන්නවා.+
ש [ෂින්]
15 දුෂ්ට, නපුරු කෙනාට තියෙන බලය නැති කරලා දාන්න.+
ආයෙත් දුෂ්ටකම් කරන්න බැරි වෙන්නම ඔහුගේ බලය බිඳලා දාන්න.
ת [ටාව්]