දෙවෙනි තෙසලෝනික
1 පාවුල්, සිල්වානස්* සහ තිමෝතිගෙන්,+ අපේ තාත්තා වන දෙවියන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න තෙසලෝනිකවරුන්ගේ සභාව වෙතට.
2 අපේ තාත්තා වන දෙවියන්ගේ සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවත්* සමාදානයත් ඔයාලට ලැබෙන්න කියලා අපි පතනවා.
3 සහෝදරයෙනි, ඔයාලා ගැන දෙවියන්ට කියලා ඔහුට නිතරම ස්තුති කරන්න අපි බැඳිලා ඉන්නවා. මොකද අපිට ආරංචි වෙලා තියෙනවා ඔයාලාගේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවා කියලා. ඒ වගේම එකිනෙකා ගැන ඔයාලා හැම කෙනෙක්ටම තියෙන ආදරය දවසින් දවස වැඩි වෙනවා+ කියලත් අපිට දැනගන්න ලැබුණා. 4 ඒ නිසා දෙවියන්ට අයිති සභාවන් අතරේ අපි ඔයාලා ගැන හරිම ආඩම්බරයෙන් කතා කරනවා.+ මොකද කොච්චර දුක් පීඩා, දුෂ්කරතාවලට මුහුණ දුන්නත් ඔයාලා ඒ හැම එකක්ම විඳදරාගන්නවා.+ ඔයාලාගේ විශ්වාසය අඩු වෙන්න දෙන්නෙත් නැහැ. 5 ඒකෙන් ඔප්පු වෙනවා දෙවියන් හැම දේම ධර්මිෂ්ඨව විනිශ්චය කරලා තියෙනවා කියලා. දෙවියන්ගේ රාජ්‍යය ලබන්න ඔයාලා සුදුසුයි කියලා ඔහු තීරණය කරලා තියෙන්නේ ඒ නිසයි. ඇත්තටම ඔයාලා දුක් විඳින්නෙත් ඒ රාජ්‍යය වෙනුවෙන්.+
6 දෙවියන් ධර්මිෂ්ඨ කෙනෙක් නිසා ඔයාලට පීඩා කරන අයට ඔහු අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+ 7 ඒත් ස්වාමීන් වන යේසුස් ඔහුගේ බලවත් දේවදූතයන් එක්ක+ ස්වර්ගයේ ඉඳන් එළිදරව් වෙන අවස්ථාවේදී+ දැන් පීඩා විඳින ඔයාලට අපිත් එක්කම සහනයක් අද්දකින්න ලැබෙනවා. 8 යේසුස් ඇවිළෙන ගිනි ජාලාවක් එක්ක එළිදරව් වෙලා, දෙවියන්ව අඳුරගෙන නැති අයටත් අපේ ස්වාමීන් වන යේසුස් ගැන ශුභාරංචිය පිළිගන්නේ නැති අයටත් දඬුවම් කරනවා.+ 9 ඔහු එයාලව විනිශ්චය කරලා එයාලට සදාකාල විනාශය නියම කරයි.+ එයාලට ආයෙත් ස්වාමීන් ඉස්සරහට එන්න ලැබෙන්නෙවත් ඔහුගේ තේජවත් බලය අද්දකින්න ලැබෙන්නෙවත් නැහැ. 10 යේසුස් තමන්ගේ ශුද්ධ තැනැත්තන් එක්ක තේජසට පත් වෙන්න එන ඒ දවසේදී ඔහු ගැන විශ්වාසය තියපු හැමෝම ඔහු දිහා ලොකු ගෞරවයකින් බලයි. අපි දීපු සාක්ෂිය විශ්වාස කරපු ඔයාලත් ඒ අය අතරේ ඉඳියි.
11 ඔයාලව කැඳවපු දෙවියන් ඔයාලට දෙන්න පොරොන්දු වුණ දේ ලබන්න ඔයාලා සුදුසුයි කියලා තීරණය කරනවා දකින්නයි අපි කැමති.+ ඒ නිසයි අපි නිතරම ඒ ගැන කියලා යාච්ඤා කරන්නේ. අපි දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔහුගේ බලයෙන්, ඔයාලා වෙනුවෙන් කරන්න හිතන් ඉන්න හැම හොඳ දෙයක්ම ඒ විදිහටම කරන්න කියලා. ඒ වගේම විශ්වාසයක් ඇතුව ඔයාලා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න සලස්වන්න කියලත් අපි ඉල්ලනවා. 12 අපි එහෙම යාච්ඤා කරන්නේ ඔයාලා මාර්ගයෙන් අපේ ස්වාමීන් වන යේසුස්ගේ නමට ලොකු ගෞරවයක් ලැබෙන්න ඕනෙ නිසයි. ඒ වගේම ඔහු එක්ක තියෙන බැඳීම නිසා ඔයාලා තේජසට පත් වෙනවා දකින්න අපිට ඕනෙ නිසයි. ඒ හැම දෙයක්ම වෙන්නේ අපේ දෙවියන්ගේ සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව නිසයි.