ද්විතීය කතාව
34 ඊටපස්සේ මෝවබ් දේශයේ පාළුකරයේ හිටපු මෝසෙස් නෙබෝ+ කඳුකරයට ගිහින් යෙරිකෝවට මුහුණ ලා+ තියෙන පිස්ගා+ කන්ද මුදුනට නැග්ගා. යෙහෝවා දෙවියන් මෝසෙස්ට මුළු දේශයම පෙන්නුවා. ගිලියද් ඉඳන් දාන්+ වෙන කල් දේශයත් 2 නෆ්තලී දේශයත් එෆ්‍රායිම් සහ මනස්සේ දේශත් බස්නාහිරෙන් තියෙන මුහුද*+ වෙන කල්ම විහිදිලා ගිය මුළු යූදා දේශයත් මෝසෙස් දැක්කා. 3 නෙගෙබ්+ ප්‍රදේශයත් තාල ගස්වලට ප්‍රසිද්ධ යෙරිකෝ තැනිතලාවේ ඉඳන් ෂොවර්+ වෙන කල් තියෙන දිස්ත්‍රික්කයත්+ එයා දැක්කා.
4 ඊටපස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “‘ඔයාගෙන් පැවතෙන අයට මේ දේශය දෙනවා’+ කියලා මම ආබ්‍රහම්ටයි, ඊසාක්ටයි, යාකොබ්ටයි දිවුරලා පොරොන්දු වුණේ මෙන්න මේ දේශය ගැනයි. ඒක දැක බලා ගන්න මම ඔයාට අවස්ථාව දුන්නා. ඒත් ඒ දේශයට යන්න ඔයාට ලැබෙන්නේ නැහැ.”+
5 ඊටපස්සේ යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් මෝවබ් දේශයේදී මැරුණා. යෙහෝවා කියපු විදිහටම එයා එහෙදී මැරුණා.+ 6 ඔහු* එයාව මෝවබ් දේශයේ බෙත්පෙයෝර් ඉස්සරහා තිබුණ නිම්නයේ තැන්පත් කළා. ඒත් එයාව හරියටම තැන්පත් කළේ කොහෙද කියලා අද වෙන කල් කවුරුත් දන්නේ නැහැ.+ 7 මෝසෙස් මැරෙද්දී එයාගේ වයස අවුරුදු 120යි.+ ඒ වෙන කල් එයාගේ ඇස් පෙනීම දුර්වල වෙලා තිබුණෙවත් ශරීර ශක්තිය අඩු වෙලා තිබුණෙවත් නැහැ. 8 ඊශ්‍රායෙල් සෙනඟ මෝවබ් පාළුකරයේදී මෝසෙස් වෙනුවෙන් දවස් 30ක් තිස්සේ වැලපුණා.+ ඒ විදිහට එයාලා එයා වෙනුවෙන් වැලපෙන කාලය සම්පූර්ණ කළා.
9 මෝසෙස් මැරෙන්න කලින් නූන්ගේ පුතා වුණ යොෂුවා පිට අත තියලා තිබුණ නිසා යොෂුවාට දෙවියන්ගේ බලයේ උදව් නොඅඩුව ලැබුණා.+ ඒ නිසා ප්‍රඥාවන්තව වැඩ කරන්න යොෂුවාට පුළුවන් වුණා. ඊශ්‍රායෙල් සෙනඟත් එයාට කීකරු වෙලා යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් අණ කරපු හැම දෙයක්ම කළා.+ 10 යෙහෝවා මෝසෙස්ව ගොඩක් කිට්ටුවෙන් දැන හඳුන ගෙන හිටියා.*+ මෝසෙස් වගේ අනාගතවක්තෘවරයෙක් මේ වෙන කල් ඊශ්‍රායෙල්වරු අතරේ ඉඳලා නැහැ.+ 11 යෙහෝවා එයාව ඊජිප්තු දේශයට යැව්වා. පාරාවෝටයි, පාරාවෝගේ සේවකයන්ටයි, ඒ මුළු දේශයටයි විරුද්ධව ඔහු කරන්න කියපු හැම ආශ්චර්යයක්ම සහ පුදුම ක්‍රියාවක්ම එයා ඒ විදිහටම කළා.+ 12 ඒ වගේම මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහත් මහත් බලයකින් ගොඩක් පුදුම දේවල් කළා.+