ගීතාවලිය
96 යෙහෝවා දෙවියන්ට අලුත් ගීයක් ගයන්න.+
පොළොවේ ඉන්න සියල්ලෙනි, යෙහෝවාට ගී ගයන්න.+
2 යෙහෝවාට ගී ගයන්න. ඔහුගේ නමට ප්‍රශංසා කරන්න.
ඔහු දෙන ගැලවීම ගැන ශුභාරංචිය හැම දවසකම දැනුම් දෙන්න.+
4 මොකද යෙහෝවා දෙවියන් ශ්‍රේෂ්ඨයි.
හැම ප්‍රශංසාවක්ම ලබන්න වටින්නේ ඔහුයි.
ඔහු ගැන අපේ හිතේ ඇති වෙන ගරුබිය
වෙන කිසිම දෙවි කෙනෙක් ගැන ඇති වෙන්නේ නැහැ.
5 මිනිසුන් නමස්කාර කරන අනිත් දෙවිවරු හැමෝම කිසි වැඩකට නැති දෙවිවරු.+
ඒත් මුළු අහස්තලයම නිර්මාණය කළේ යෙහෝවායි.+
7 පොළොවේ සියලු ගෝත්‍රවලට* අයිති ජනයෙනි,
යෙහෝවාට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න.
යෙහෝවාට තියෙන තේජස සහ බලය නිසා ඔහුට ගෞරව කරන්න.+
9 ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා* යෙහෝවා ඉදිරියේ වැඳ වැටෙන්න.*
පොළොවේ සියලු ජනයෙනි, ඔහු ඉදිරියේ බයෙන් ගැහෙන්න.
10 “යෙහෝවා රජ වෙලා”+ කියලා ජාතීන්ට දැනුම් දෙන්න.
“පොළොව ස්ථිරව පිහිටුවලා! ඒක කවදාවත් නියමිත තැනින් අයින් කරන්න බැහැ.*
ඔහු ජනයාව සාධාරණව විනිශ්චය කරනවා”*+ කියලත් ඔවුන්ට කියන්න.
11 ස්වර්ගය ප්‍රීති වේවා! පොළොව සතුටින් පිරී ඉතිරේවා!
මුහුදත් ඒකේ තියෙන හැම දේමත් ප්‍රීති ඝෝෂා නඟත්වා!+