ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. “අලුයම් මුවදෙන”* කියන තාලයට ගායනා කරන්න. දාවිත් රචනා කරපු ගීතයක්.
22 මගේ දෙවියනි, මගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ ඇයි?+
මං උදව් ඉල්ලලා අඬද්දී මට උත්තර දෙන්නේ නැත්තේ ඇයි?+
මාව ගලවගන්නේ නැත්තේ ඇයි?
8 “ඔහුගේ ජීවිතේ ඔහු යෙහෝවාට භාර දුන්නා.
ඉතින් දෙවියන්ම ඇවිත් ඔහුව බේරගත්තදෙන්!
දෙවියන් ඔහුට ඒ තරම් ආදරේ නම්, දෙවියන්ම ඇවිත් ඔහුව ගලවගනියි!”+
10 උපන් දා ඉඳන් මාව තිබ්බේ ඔබේ රැකවරණය යටතෙයි.
මව්කුසේ හිටපු කාලේ ඉඳන්ම මගේ දෙවියන් ඔබයි.
11 ඒත් දැන් විපත්ති මං ළඟටම ඇවිත්.
අනේ, මගෙන් ඈත් වෙලා ඉන්න නම් එපා.+
මගේ උදව්වට ඔබ හැර වෙන කවුරුත්ම නැහැ.+
14 බිමට හලන වතුර වගේ මගේ ශක්තිය මගෙන් ගිලිහිලා ගිහින්.
මගේ ඇටකටු සන්ධිවලින් වෙන් වෙලා ගිහින්.
මගේ හදවත උණු වුණ ඉටි වගේ දිය වෙලා ගිහින්.+
15 මට කිසිම ශක්තියක් නැහැ.
මම දැන් කැඩිලා ගිය වළං කෑල්ලක් වගෙයි.+
මගේ දිව උඩු තල්ලේ ඇලිලා.+
ඔබ මාව මිනී වළටම ඇදලා දානවා.+
17 මගේ ඇටකටු එකින් එක ගණන් කරන්න පුළුවන්.+
ඔවුන් මාව ගිලින්න වගේ බලන් ඉන්නවා.
19 අනේ යෙහෝවා, මගෙන් ඈත් වෙලා ඉන්න එපා.+
ඉක්මනින්ම මගේ උදව්වට එන්න.+ මගේ ශක්තිය ඔබයි.
20 මාව කඩුවෙන් ගලවගන්න.
මගේ ඇඟට කඩා පනින බල්ලන්ගෙන් මගේ වටිනා ජීවිතය බේරගන්න.+
21 සිංහයාගේ කටිනුත්+ වල් හරකුන්ගේ අංවලිනුත් මාව ආරක්ෂා කරන්න.
මට උත්තර දීලා මාව බේරගන්න.
23 යෙහෝවා ගැන ගරුබියක් ඇත්තෙනි, ඔහුට ප්රශංසා කරන්න!
යාකොබ්ගෙන් පැවතෙන සියල්ලෙනි, දෙවියන්ව ගෞරවයට පත් කරන්න!+
ඊශ්රායෙල්ගෙන් පැවතෙන්නෙනි, ලොකු ගෞරවයකින්, භක්තියකින් ඔහු ඉස්සරහට යන්න.
24 මොකද දෙවියන් අසරණයාව අහකට දැම්මේ නැහැ.
දුක් විඳින නිසාම ඒ අසරණයාව පිළිකුල් කළේ නැහැ.+
25 දෙවියනි, විශාල පිරිසක් රැස් වෙලා ඉන්න සභාව මැද මම ඔබට ප්රශංසා කරනවා.+
ඔබට ගරුබියක් තියෙන අය ඉස්සරහා මගේ පොරොන්දු ඉටු කරනවා.
ඔබට හැමදාටම සතුටින් ජීවත් වෙන්න ලැබේවා!*
27 පොළොව පුරාම ඉන්න ජනයා යෙහෝවාව සැබෑ දෙවියන් විදිහට පිළි අරන් ඔහු ළඟට එයි.
දෙවියනි, ජාතීන් අතරේ ඉන්න හැම පවුලක්ම ඔබ ඉස්සරහා වැඳ වැටෙයි.+
29 කිසිම දේකින් අඩුවක් නැති අය* කාලා බීලා දෙවියන් ඉස්සරහා වැඳ වැටෙයි.
දූවිල්ලට හැරිලා යන හැම කෙනෙක්ම ඔහුට දණ නමයි.
තමන්ගේ ජීවිත රැකගන්න ඒ එක් කෙනෙක්ටවත් පුළුවන්කමක් නැහැ.
30 ඔවුන්ගෙන් පැවතෙන අයත් ඔහුට සේවය කරයි.
යෙහෝවා දෙවියන් ගැන ඔවුන් මතු පරම්පරාවලටත් කියලා දෙයි.
31 ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන ඔවුන් හැමෝටම කියයි.
ඔහු කරපු යහපත් දේවල් ගැන ඉදිරි පරම්පරාවලටත් දැනුම් දෙයි.