යෙසායා
14 යෙහෝවා දෙවියන් යාකොබ්ට දයාව පෙන්නලා+ ඊශ්‍රායෙල්ව ආපහු තෝරගන්නවා.+ ඔහු ඔවුන්ව ඔවුන්ගේ දේශයේ පදිංචි කරවයි.+ විදේශිකයනුත් ඔවුන්ට එකතු වෙයි. ඔවුනුත් යාකොබ්ගේ පෙළපතේ අය එක්ක එකට ජීවත් වෙයි.+ 2 වෙනත් ජාතීන්ට අයිති සෙනඟ යාකොබ්ගේ පෙළපතේ අයව ඔවුන්ගේ දේශයට එක්කගෙන එයි. යෙහෝවාගේ දේශයට ආවාම ඊශ්‍රායෙල්වරු වෙනත් ජාතීන්ට අයිති ඒ සෙනඟව තමන්ගේ සේවක සේවිකාවන් විදිහට අයිති කරගන්නවා.+ ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් කරගෙන හිටපු අයව ඔවුන් දැන් වහලුන් කරගන්නවා. බලෙන් ඔවුන්ගෙන් වැඩ ගත්ත අයගෙන් ඔවුන් දැන් වැඩ ගන්නවා.
3 ඔබ වින්ද වේදනාවලිනුයි, දැනුණ පීඩනයෙනුයි, වහලුන් විදිහට ඉද්දී කරපු බර වැඩවලිනුයි යෙහෝවා ඔබට නිදහස දෙන දවසේදී+ 4 බැබිලෝනියේ රජට නින්දා කරන්න මෙහෙම කියන්න.
“අනිත් අයගෙන් බලෙන් වැඩ ගත්ත කෙනා විනාශ වුණ හැටි බලන්න!
ඔහු කරපු හිරිහැර නැවතුණ හැටි බලන්න!+
5 යෙහෝවා දුෂ්ටයන්ගේ දණ්ඩත්
පාලකයන්ගේ සැරයටියත් බිඳලා දැම්මා.+
6 ජාතීන්ට කේන්තියෙන් එක දිගටම පහර දීපු කෙනාව ඔහු විනාශ කළා.+
කෝපයෙන් මිනිස්සුන්ට පීඩා කරලා ඔවුන්ව යටත් කරගත්ත කෙනාව ඔහු නැති කරලා දැම්මා.+
7 මුළු පොළොවම දැන් නිස්කලංකයි. කාගෙන්වත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ.
සෙනඟ සතුටින් කෑගහනවා.+
8 ඔබට වුණ දේ දැකලා ජුනිපර් ගස් පවා සතුටු වෙනවා.
ඔවුන් එක්ක එකතු වෙලා ලෙබනොන්වල දේවදාර ගසුත් සතුටු වෙනවා.
ඔවුන් මෙහෙම කියනවා. ‘ඔබ වැටුණාට පස්සේ
දැන් අපිව කපන්න කවුරුත් එන්නේ නැහැ.’
9 ඔබ මිනී වළට බැහැගෙන යද්දී
මිනී වළත් කලබල වෙලා!
මිනී වළ ඔබව පිළිගන්න මරණ නින්දේ ඉන්න බලවතුන්ව,
පොළොවේ හිටපු කෲර පාලකයන්ව* අවදි කරවනවා.
ඒක ජාතීන්ගේ හැම රජ කෙනෙක්වම සිංහාසනවලින් නැඟිටුවනවා.
10 ඒ හැමෝම ඔබට මෙහෙම කියයි.
‘ඔබත් දැන් අපි වගේම දුර්වල වෙලා.
අපේ තත්වයටම පත් වෙලා.
ඔබට වැතිරෙන්න සිද්ධ වෙන්නේ පණුවන් උඩ.
ඔබට පොරවගන්න වෙන්නේ පණුවන්.’
12 දිලිසෙන තරුවක් සහ අලුයමේ පුත්‍රයෙක් විදිහට හිටපු ඔබ
අහසින් කඩා වැටුණු හැටි බලන්න!
ජාතීන්ව නැත්තටම නැති කරපු ඔබව කපලා
පොළොවට ඇදලා දාපු හැටි බලන්න!+
13 ඔබ හිතාගෙන හිටියේ මෙහෙමයි. ‘මම අහසටම නඟිනවා.+
දෙවියන්ගේ තරුවලටත් වඩා ඉහළින් මගේ සිංහාසනය පිහිටුවනවා.+
උතුරේ දුර ඈත කෙළවරේ තියෙන
නමස්කාර කරන්න සෙනඟ රැස් වෙන කන්ද උඩ මං ඉඳගන්නවා.+
14 මම වලාකුළුත් පහු කරගෙන ගිහින්
උසස්ම දෙවියන්ට සමාන වෙනවා.’
15 ඒ වෙනුවට ඔබව මිනී වළට ඇදලා දානවා.
මිනී වළේ ගැඹුරුම තැනට ඇදලා දානවා.
16 ඔබව දකින අය ඇස් ලොකු කරගෙන
ඔබ දිහා හොඳට බලලා මෙහෙම කියයි.
‘පොළොව හොල්ලපු කෙනා,
රාජ්‍යයන්වල මිනිස්සුන්ව බය ගන්වපු කෙනා මෙයා නේද?+
17 පොළොව පාළු කාන්තාරයක් කළෙත්
නගර පෙරළලා දැම්මෙත්+
වහලුන් කරගත්ත අයව කවදාවත් නිදහස් නොකළෙත් මෙයා නේද?’+
18 අනිත් ජාතීන්වල රජවරුන්ව,
ඒ හැම රජ කෙනෙක්වම ගෞරවනීය විදිහට තැන්පත් කළා.
ඔවුන්ව තම තමන්ගේ සොහොන් ගෙවල්වල තැන්පත් කළා.
19 ඒත් ඔබට සොහොන් ගෙයක් නැහැ.
ගහකින් කපලා අයින් කරන අත්තක්* වගේ ඔබව වීසි කරලා දානවා.
ඔබේ මළ කඳ, කඩුවෙන් මැරුම් කාලා වළකට වීසි කරලා දාපු මළ කඳන්වලට යට වෙනවා.
ඔබත් පයට පෑගිලා යන මළ සිරුරක් වගේ වෙනවා.
දුෂ්ටයන්ගෙන් පැවතෙන අයගේ නම් කිසිදාක මතක් කරන්නෙවත් නැහැ.
21 ඔහුගේ පුතාලව මරලා දාන්න ලෑස්ති වෙන්න.
මොකද ඔවුන්ගේ මුතුන්මිත්තන් ගොඩක් වැරදි කළා.
නැත්නම් ඔවුන් ආපහු නැඟිටලා මුළු පොළොවම යටත් කරගනියි.
ඔවුන්ගේ නගරවලින් දේශය පුරවයි.”
22 “මම ඔවුන්ට පහර දෙනවා”+ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.
“බැබිලෝනිවරුන්ගෙන් කවුරුත් බේරෙන්නේ නැහැ. ඔවුන්ගෙන් පැවතෙන දරු මුනුපුරන්වත් බැබිලෝනිය කියන නමවත් මම ඉතුරු කරන්නේ නැහැ”+ කියලා යෙහෝවා කියනවා.
23 “මම ඇයව ඉත්තෑවන් ලගින තැනක් කරනවා. ඇය වගුරුබිමක් වෙන්න සලස්වනවා. මම ඇයව විනාශය කියන කොස්සෙන් අතුගාලා දානවා”+ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.
24 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දිවුරලා මෙහෙම කිව්වා.
“මම අදහස් කරපු විදිහටම ඒක වෙනවා.
මම තීරණය කරපු විදිහටම ඒක අනිවාර්යයෙන්ම වෙනවා.
ඔහු මගේ සෙනඟ මත පටවපු වියගහ මම අයින් කරනවා.
ඔවුන් පිට පටවපු බර මම අයින් කරලා දානවා.”+
26 මුළු පොළොවටම විරුද්ධව ඔහු ගත්ත තීරණය තමයි මේ.
හැම ජාතියකටම විරුද්ධව දිගු කරලා තියෙන* ඔහුගේ අත තමයි මේ.
ඔහු තමන්ගේ අත දිගු කරගෙන ඉන්නවා.
ඒක අනිත් පැත්තට හරවන්න පුළුවන් කාටද?+
28 ආහස් රජ මැරුණ අවුරුද්දේදී+ තමයි මේ තීන්දුව ගැන ප්‍රකාශ කළේ.
29 “පිලිස්තිවරුනි, ඔබට පහර දුන්න කෙනාගේ සැරයටිය කඩලා දාපු නිසා
සතුටු වෙන්න එපා.
30 අසරණ අයගේ දරුවන් කාලා බීලා බඩ පුරවන් ඉඳියි.
දුප්පත් අය බයක් සැකක් නැතුව සුරක්ෂිතව ඉඳියි.
ඒත් මම ඔබේ සෙනඟව සාගතයකින් මරලා දානවා.
ඔබ අතරේ ඉතුරු වෙන අය මැරුම් කනවා.+
31 සෙනඟෙනි, දොරටුව ළඟ අඬා වැලපෙන්න! නගරයේ වැසියෙනි, විලාප නඟන්න!
පිලිස්තිවරුනි, ඔබ හැමෝම අධෛර්යය වෙයි.
මොකද උතුරෙන් එන දුමක් වගේ ලොකු හමුදාවක් එනවා.
පහුබහින එක සෙබළෙක්වත් ඒ හමුදාවේ නැහැ.”
32 ජාතියක් එවන පණිවිඩකරුවන්ට ඔවුන් පිළිතුරු දෙන්න ඕනෙ කොහොමද?
යෙහෝවා සියොන් නුවරේ අත්තිවාරම දාලා තියෙනවා කියලත්+
ඔහුගේ සෙනඟ අතරේ ඉන්න අසරණ අය ඇගෙන් රැකවරණය ලබාගන්නවා කියලත් ඔවුන් පිළිතුරු දෙයි.