පළවෙනි ලේකම්
16 එයාලා සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරන් ඇවිත් දාවිත් ඒක තියන්න ලෑස්ති කරපු කූඩාරමේ තිබ්බා.+ ඊටපස්සේ එයාලා සැබෑ දෙවියන්ට දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළා.+ 2 ඒ පූජා+ ඔප්පු කරලා ඉවර වුණාට පස්සේ දාවිත් යෙහෝවා දෙවියන්ගේ නමින් සෙනඟට ආශීර්වාද කළා. 3 ඒ වගේම එයා මුළු ඊශ්‍රායෙල් සෙනඟටම ඒ කියන්නේ එතන හිටපු ස්ත්‍රීන් සහ පුරුෂයන් හැමෝටම රොටියක්, රටඉඳි කුට්ටියක් සහ වියළි මිදි කුට්ටියක් ගාණේ දුන්නා. 4 ඊටපස්සේ දාවිත් යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා සේවය කරන්න ලෙවීවරුන්ගෙන් සමහරදෙනෙක්ව පත් කළා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ගෞරවය ගේන්නත්* ඔහුට ස්තුති ප්‍රශංසා කරන්නත් තමයි එයාලව ඒ විදිහට පත් කළේ. 5 එයාලාගේ ප්‍රධානියා වුණේ ආසාෆ්.+ දෙවෙනියා සෙකරියා. වීණා සහ කුඩා වීණා+ වාදනය කරන්න හිටියේ යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්ඒදොම් සහ යෙයීයෙල්.+ අත්තාළම් ගහන්න හිටියේ ආසාෆ්.+ 6 සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ළඟ නිතරම හොරණෑ පිම්බේ පූජකයන් වුණ බෙනායා සහ යහෂියෙල්.
7 ඒ දවසේදී තමයි දාවිත් මුල්ම වතාවට යෙහෝවාට ස්තුති කරන්න ගීතිකාවක් රචනා කළේ. ආසාෆ්ටයි,+ එයාගේ සහෝදරයන්ටයි ඒක ගායනා කරන්න කියලත් එයා උපදෙස් දුන්නා. ඒ ගීතිකාව තමයි මේ.
10 ඔහුගේ ශුද්ධ නාමය ගැන ආඩම්බරයෙන් කතා කරන්න.+
යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන හැමෝගෙම සිත් සතුටින් පිරී ඉතිරේවා!+
11 යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන්න.+ ඔහුගෙන් ශක්තිය ඉල්ලන්න.
නිතරම ඔහුගෙන් උපකාර ඉල්ලන්න.+
12 ඔහු කරපු පුදුම දේවල් මතක් කරගන්න.+
ඔහු කරපු ආශ්චර්යයනුත් ඔහු දුන්න ධර්මිෂ්ඨ තීන්දුත් සිහි කරන්න.
13 ඔහුගේ සේවකයා වුණ ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි,+
යාකොබ්ගේ දරුවෙනි, ඔහු තෝරගත්ත සෙනඟෙනි,+ ඒවා සිහි කරන්න.
ඔහු මුළු පොළොවම විනිශ්චය කරයි.+
15 ඔහු ඇති කරගත්ත ගිවිසුම කවදාවත් අමතක කරන්න එපා.
පරම්පරා දාහක් ගියත් ඔහු දුන්න පොරොන්දුව අමතක කරන්න එපා.+
16 ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ඒ ගිවිසුම+ සිහි කරන්න.
ඔහු ඊසාක්ට දිවුරලා වුණ ඒ පොරොන්දුව+ සිහි කරන්න.
17 කවදාවත් කඩ කරන්නේ නැහැ කියලා යාකොබ්ට සහතික වුණ ඒ පොරොන්දුව+ සිහි කරන්න.
ඊශ්‍රායෙල් එක්ක ඇති කරගත්ත පරම්පරා ගාණක් පුරා තියෙන ඒ ගිවිසුම සිහි කරන්න.
18 ඔහුගේ පොරොන්දුව මේකයි. ‘ඔයාගේ උරුමය විදිහට,+
මම කානාන් දේශය ඔයාට දෙනවා.’+
19 ඔහු එහෙම කියද්දී ඔවුන් කුඩා පිරිසක්.
ඒ දේශයේ විදේශිකයන් විදිහට හිටපු ඔවුන් ඇත්තෙන්ම කුඩා පිරිසක්.+
21 ඔවුන්ට හිරිහැර කරන්න ඔහු කාටවත් ඉඩ දුන්නේ නැහැ.+
ඔවුන් නිසා ඔහු රජවරුන්ව නිවැරදි කළා.+
22 ‘මං අභිෂේක කරපු අයට අත තියන්න එපා.
මගේ අනාගතවක්තෘවරුන්ට කිසිම නපුරක් කරන්න එපා’+ කියලා ඔහු කිව්වා.
23 පොළොවේ ඉන්න හැමෝම යෙහෝවාට ගී ගයන්න!
ඔහු ගැලවීම ලබා දෙන විදිහ ගැන දවසක් දවසක් පාසා හැමෝටම කියන්න!+
24 ඔහුගේ තේජස ගැන ජාතීන්ට ප්‍රකාශ කරන්න.
ඔහු කරපු පුදුම දේවල් ගැන හැම ජන පිරිසකටම කියන්න.
25 මොකද යෙහෝවා දෙවියන් ශ්‍රේෂ්ඨයි. හැම ප්‍රශංසාවක්ම ලබන්න වටින්නේ ඔහුයි.
ඔහු ගැන හිතේ ඇති වෙන ගරුබිය වෙන කිසිම දෙවි කෙනෙක් ගැන ඇති වෙන්නේ නැහැ.+
26 මිනිස්සු නමස්කාර කරන අනිත් දෙවිවරු හැමෝම කිසි වැඩකට නැති අය.+
ඒත් මුළු අහස්තලයම නිර්මාණය කළේ යෙහෝවායි.+
28 පොළොවේ සියලු ගෝත්‍රවලට අයිති ජනයෙනි, යෙහෝවාට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න.
යෙහෝවාට තියෙන තේජස සහ බලය නිසා ඔහුට ගෞරව කරන්න.+
ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා* යෙහෝවා ඉදිරියේ වැඳ වැටෙන්න.*+
30 පොළොවේ ජනයෙනි, ඔහු ඉදිරියේ බයෙන් ගැහෙන්න.
පොළොව ස්ථිරව පිහිටුවලා තියෙනවා. නියමිත තැනින් ඒක කවදාවත් අයින් කරන්න බැහැ.+
31 ස්වර්ගය ප්‍රීති වේවා! පොළොව සතුටින් පිරී ඉතිරේවා!+
‘යෙහෝවා දෙවියන් රජ වෙලා’ කියලා ජාතීන්ට දැනුම් දෙන්න.+
32 මුහුදත් එහි ඇති දේවලුත් ඝෝෂා නඟත්වා!
කෙත්වතුත් එහි ඇති දේවලුත් සතුටු වේවා!
35 මෙහෙම කියන්න. ‘අපිට ගැලවීම ලබා දෙන දෙවියනි, අපිව බේරගන්න.+
දේශවලට විසුරුවාහැරපු අපිව එකතු කරන්න. ජාතීන්ගෙන් අපිව බේරගන්න.
එතකොට ඔබේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරන්නත්+
සතුටින් ඔබව පසසන්නත්+ අපිට පුළුවන්.
ඊටපස්සේ හැමෝම “ආමෙන්”* කියලා යෙහෝවාට ප්‍රශංසා කළා.
37 දවස ගාණේ කරන්න නියමිත දේවල්+ කරලා යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා සේවය කරන+ වගකීම දාවිත් ආසාෆ්ටයි,+ එයාගේ සහෝදරයන්ටයි භාර දුන්නා. 38 ඕබෙද්ඒදොම්වයි, එයාගේ සහෝදරයන් 68දෙනාවයි, යෙදූතුන්ගේ පුතා වුණ ඕබෙද්ඒදොම්වයි, හෝසාවයි දොරටු පාලකයන් විදිහට පත් කළා. 39 සෙනඟ දෙවියන්ට ගිබියොන්වල+ නමස්කාර කරපු ස්ථානයේ තිබුණ යෙහෝවාගේ ශුද්ධ කූඩාරමේ සේවය කරන්න පූජකයන් වුණ සාදොක්වයි,+ එයාගේ සහෝදරයන්වයි පත් කළා. 40 දවන පූජා ඔප්පු කරන පූජාසනය උඩ හැමදාම උදේ හවස යෙහෝවාට දවන පූජා ඔප්පු කරන එක සහ යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ කියලා තිබුණ හැම දෙයක්ම කරන එක තමයි එයාලාගේ වගකීම වුණේ.+ 41 එයාලත් එක්ක හේමාන් සහ යෙදූතුන්+ වගේම විශේෂයෙන් තෝරගත්ත පුරුෂයන් හිටියා. ඒ අයගේ වගකීම වුණේ යෙහෝවාට ස්තුති කරලා+ “ඔහුගේ ඉමහත් ආදරේ* කවදාවත් වෙනස් වෙන්නේ නැහැ”+ කියලා ගායනා කරන එකයි. 42 හොරණෑ පිම්බෙත් අත්තාළම් ගැහුවෙත් සැබෑ දෙවියන්ට ප්‍රශංසා කරන්න වෙනත් සංගීත භාණ්ඩ වාදනය කළෙත් හේමාන්+ සහ යෙදූතුන්.+ යෙදූතුන්ගේ පුතාලා සේවය කළේ දොරටුව ළඟ. 43 දාවිත් ඒ අයව පත් කළාට පස්සේ සෙනඟ තම තමන්ගේ ගෙවල්වලට ගියා. දාවිතුත් එයාගේ පවුලේ අයට ආශීර්වාද කරන්න මාලිගාවට ගියා.