හිතෝපදේශ
23 ඔයා රජෙක් එක්ක ඉඳගෙන කෑම කද්දී
ඔයා ඉන්නේ කොහෙද කියලා අමතක කරන්න එපා.
2 ඔයා කෑමට හුඟක් ආස කරන කෙනෙක් නම්
ඔයාවම පාලනය කරගන්න.*
3 රස නහර පිනවන ඔහුගේ කෑමවලට ආශාවක් ඇති කරගන්න එපා.
මොකද ඔහු ඒවා දෙන්නේ අවංක හිතකින් නෙමෙයි.
4 පොහොසත් වෙන්න ඔයාගේ මුළු ශක්තියම වැය කරන්න එපා.+
එහෙම කරන එක නවත්තලා අවබෝධයෙන් වැඩ කරන්න.*
5 වස්තුවට ඔයාගේ හිත ඇදිලා යන්න දෙන්න එපා.
ඔයා බලන් ඉද්දීම ඒක රාජාලියෙක් වගේ තටු විහිදලා ඈතින් ඈතට පියඹලා යයි.+
6 ලෝභ කෙනෙක් දෙන කෑම කන්න එපා.
එයාගේ රසවත් කෑමවලට ආස කරන්නත් එපා.
“කන්න, බොන්න” කිව්වාට එයා ඒක කියන්නේ යටි අදහසක් තියාගෙන.
8 එයා දීපු කෑම ඔයාට වමාරන්න සිද්ධ වෙයි.
ඔයා එයාට කියපු කාරුණික වචනවලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ.
10 අතීතයේදී වෙන් කරලා දීපු ඉඩම්වල මායිම් වෙනස් කරන්නවත්+
තාත්තා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් වෙන්නවත් එපා.
12 හික්මවීම්වලට ඔයාගේ හිත යොමු කරන්න.
දැනුමට කන් යොමු කරන්න.
13 දරුවෙක්ට* අවශ්‍ය හික්මවීම් දෙන්න අදිමදි කරන්න එපා.+
වේවැලෙන් දඬුවම් කළා කියලා එයා මැරෙන්නේ නැහැ.
14 එයාව මරණයෙන් බේරගන්න වේවැල පාවිච්චි කරන්න.
17 වැරදි කරන අයට ඊර්ෂ්‍යා කරන්න එපා.+
ඒ වෙනුවට දවස පුරාම යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න.+
18 එතකොට ඔයාට හොඳ අනාගතයක් තියෙයි.+
ඔයාගේ බලාපොරොත්තු කඩ වෙන්නෙත් නැහැ.
19 මගේ පුතේ, උපදෙස්වලට ඇහුම්කන් දීලා ප්‍රඥාවන්ත වෙන්න.
ඔයාගේ හිත හරි මඟට යොමු කරන්න.
20 හුඟක් වයින් බොන අය එක්කවත්+
මස්වලට කෑදර අය එක්කවත්+ ඇසුරු කරන්න එපා.
21 මොකද බේබද්දොත් කෑදරයොත් දුප්පත් වෙයි.+
මත් වෙලා ඉන්න අයට ඉතුරු වෙන්නේ වැරහැලි විතරයි.
22 ඔයාට ජීවිතය දුන්න* ඔයාගේ තාත්තාට ඇහුම්කන් දෙන්න.
ඔයාගේ අම්මා වයසට ගියා කියලා එයාව පහත් කරන්න එපා.+
24 ධර්මිෂ්ඨ කෙනාගේ තාත්තා අනිවාර්යයෙන්ම සතුටු වෙයි.
ප්‍රඥාවන්ත පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්ගේ හිත සතුටින් පිරිලා යයි.
25 ඔයාත් ඒ වගේ වුණොත් ඔයාගේ අම්මා තාත්තාත් සතුටු වෙයි.
ඔයාව බිහි කරපු අම්මාට ලොකු සතුටක් දැනෙයි.
29 රතු ඇස් තියෙන්නේ කාටද? දුක තියෙන්නේ කාටද?
සිත්තැවුලෙන් ඉන්නේ කවුද? ප්‍රශ්න තියෙන්නේ කාටද?
අඬදබර කරන්නේ කවුද? නිකරුණේ තුවාල වෙන්නේ කාටද?
31 වයින් රතට රතේ දිස් වෙද්දී, ඒක කුසලානේ දිලිසෙද්දී
ඒකෙන් ආස්වාදයක් ලැබෙද්දී ඒකට වශී වෙන්න එපා.
32 අන්තිමේදී ඒක සර්පයෙක් වගේ දෂ්ට කරයි.
පොළඟෙක් වගේ විෂ පිට කරයි.
34 ඔයා මුහුදු පතුලටම ගිලෙන කෙනෙක් වගෙත්
කුඹගහක් උඩ ඉන්න කෙනෙක් වගෙත් වෙයි.
35 ඔයා මෙහෙම කියයි. “එයාලා මට ගැහුවා. ඒත් මට රිදුණේ නැහැ.
එයාලා මට පහර දුන්නා. ඒත් මට ඒක දැනුණෙවත් නැහැ.
ඇහැරුණ ගමන්ම+ මං ගිහින් තව ටිකක් බොනවා.”