ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. මත්ලාබන්.* දාවිත් රචනා කරපු ගීයක්.
א [ආලෙෆ්]
9 යෙහෝවා දෙවියනි, මගේ මුළු හදවතින්ම මම ඔබට ප්රශංසා කරනවා.
ඔබ කරපු හැම පුදුම ක්රියාවක් ගැනම මම දැනුම් දෙනවා.+
ב [බේත්]
4 මොකද මම නිර්දෝෂයි කියලා ඔබ දන්නවා.
ඔබ මගේ නඩුව විසඳලා මට යුක්තිය ඉටු කරලා දෙනවා.
ඔබේ සිංහාසනයේ ඉඳන් ඔබ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරනවා.+
ג [ගීමෙල්]
6 ඔබ සතුරාව නැත්තටම නැති කළා.
ඔවුන්ගේ නුවරවල් නැති නාස්ති කළා.
ආයේ කවදාවත් ඔවුන් ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ.+
ה [හේ]
7 ඒත් යෙහෝවා දෙවියන් සදහටම රජකම් කරයි.+
හැමදාටම යුක්තිය ඉටු කරන අරමුණින්
ඔහු තමන්ගේ සිංහාසනය ස්ථිරව පිහිටුවයි.+
ו [වාව්]
10 ඔබේ නම ගැන හොඳින්ම දන්න අය ඔබව විශ්වාස කරනවා.+
යෙහෝවා දෙවියනි, ඔබව හොයාගෙන එන අයව ඔබ කවදාවත් අත්හරින්නේ නැහැ.+
ז [ෂායින්]
12 ඔහු ලේ හලපු අයව විනාශ කරලා පීඩාවට පත් වුණ අයට යුක්තිය ඉටු කරනවා.+
අසරණයන්ගේ අයැදීම් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+
ח [හෙත්]
13 අනේ යෙහෝවා, මට අනුකම්පා කරන්න.
මට වෛර කරන අය මට කරන හිංසා දිහා බලන්න.
මිනී වළේ දොරටු ළඟින් මාව ඇදලා මාව බේරගන්න.+
14 එතකොට සියොන් දියණියගේ දොරටු ළඟදී+
ඔබ කරපු පුදුමාකාර දේවල් ගැන හැමෝටම කියන්නත්
ඔබ දෙන ගැලවීම ගැන සතුටු වෙන්නත් මට පුළුවන්.+
ט [ටේත්]
දුෂ්ටයන් තමන් අටවන උගුල්වලටම අහු වෙනවා.+
හිගෙයීයන්.* (සීලාහ්)
י [යෝද්]
17 දුෂ්ටයන් දෙවියන් ඉස්සරහින් පලා යයි.
දෙවියන්ව අමතක කරන ජාතීන්ට මිනී වළටම දුවන්න වෙයි.
כ [කෆ්]
දූවිල්ලට හැරිලා යන මිනිසාට ජය ගන්න දෙන්න එපා.