යෙසායා
12 ඒ දවසේදී ඔබ මෙහෙම කියයි.
“යෙහෝවා දෙවියනි, ඔබට මාත් එක්ක ගොඩක් කේන්ති ගියා.
ඒත් ඒ කේන්තිය දැන් නිවිලා ගිහින්.
ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මම ඔබට ස්තුති කරනවා.
2 මට ගැලවීම ලබා දෙන්නේ දෙවියනුයි.+
මම ඔහු ගැන විශ්වාසය තියනවා. ඒ නිසා මට බයක් දැනෙන්නේ නැහැ.+
මොකද මගේ ශක්තියත් මගේ බලයත් යාහ්* යෙහෝවායි.
ඔහු මට ගැලවීම ලබා දෙනවා.”+
4 ඒ දවසේදී ඔබ මෙහෙම කියයි.
“යෙහෝවාට ස්තුති කරන්න. ඔහුගේ නම කියලා ඔහුට කන්නලව් කරන්න!
ඔහු කරන දේවල් ගැන හැමෝටම කියන්න.+
ඔහුගේ නම කොච්චර ශ්‍රේෂ්ඨද කියලා ප්‍රකාශ කරන්න.+
5 යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න.*+ මොකද ඔහු පුදුම දේවල් කරලා තියෙනවා.+
ඒ ගැන පොළොව පුරාම දැනුම් දෙන්න.