ආමොස්
5 “ඊශ්‍රායෙල් ජනයෙනි, මම ඔබ ගැන කියන මේ විලාප ගීයට සවන් දෙන්න.
2 ‘ඊශ්‍රායෙල් කන්‍යා දියණිය ඇගේ දේශයේම වැටිලා ඉන්නවා.
ඇයට ආයෙත් නැඟිටින්න බැහැ.
හැමෝම ඇයව අත්හැරලා ගිහින්.
ඇයට අත දෙන්න කිසිම කෙනෙක් නැහැ.’
3 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.
‘නගරයකින් මිනිසුන් දාහක් යුද්ධයට යැව්වත් ආයෙත් එන්නේ සියදෙනෙක් විතරයි.
සියදෙනෙක්ව යැව්වත් ආයෙත් එන්නේ දහදෙනෙක් විතරයි.
ඊශ්‍රායෙල් දේශයට වෙන්නෙත් ඒ දේමයි.’+
4 “යෙහෝවා ඊශ්‍රායෙල් ජනයාට මෙහෙම කියනවා.
‘මගෙන් මඟ පෙන්වීම් ලබාගෙන ජීවිතය රැකගන්න.+
5 බෙතෙල් නගරය හොයාගෙන යන්න එපා.+
ගිල්ගාල්වලටවත්+ බෙයර්ෂෙබාවලටවත්+ යන්න එපා.
මොකද ගිල්ගාල්වල වැසියන්ව වහලුන් විදිහට අරන් යන්න නියමිතයි.+
බෙතෙල් නගරය නැත්තටම නැති වෙනවා.*
6 යෝසෙප්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා වන මගෙන් මඟ පෙන්වීම් ලබාගෙන ජීවිතය රැකගන්න.+
ඔබ එහෙම කළේ නැත්නම් මම ඇවිළෙන ගින්නක් වගේ ඇවිත් ඔබව විනාශ කරනවා.
කාටවත් නිවලා දාන්න බැරි ගින්නකින් බෙතෙල් දවලා දානවා.
8 කයිමා තාරකා මණ්ඩලයත්* කේසිල් තාරකා මණ්ඩලයත්* හැදුවේ කවුද?+
ඝන අන්ධකාරය අලුයම් ආලෝකයට හරවන්නෙත්
දවාල අඳුරු රාත්‍රියට හරවන්නෙත්+
මුහුදේ වතුරට හඬගසා ඒවා පොළොවට ඇද හැලෙන්න සලස්වන්නෙත් කවුද?+
ඒ හැම දේම කරන තැනැත්තාගේ නම යෙහෝවා.
9 බලවන්තයන් පිටට ඔහු හදිසි විනාශයක් ගේනවා.
බලකොටු සුනුවිසුනු කරලා දානවා.
11 ඔබ දුප්පත් ගොවීන්ගෙන් බලහත්කාරයෙන් කුලී* ගන්නවා.
බද්දක් විදිහට ඔවුන්ගේ ධාන්‍ය අස්වැන්නෙන් කොටසකුත් ගන්නවා.+
ඒ දේවල් කරන නිසා කපපු ගල්වලින් ඔබ හදපු ගෙවල්වල ඔබට හැමදාටම ඉන්න ලැබෙන්නේ නැහැ.+
ඔබ වවාගත්ත සරුසාර මිදිවතුවලින් ලැබෙන වයින් ඔබට බොන්න ලැබෙන්නෙත් නැහැ.+
12 ඔබ මට විරුද්ධව කී වතාවක් කැරලිගැහුවාද* කියලත්
ඔබේ වැරදි කොයි තරම් බරපතළද කියලත් මම දන්නවා.
ඔබ ධර්මිෂ්ඨ අයට හිරිහැර කරනවා.
අල්ලස් ගන්නවා.*
නුවර දොරටුව ළඟට එන දුප්පත් අයගේ අයිතිවාසිකම් නොසලකාහරිනවා.+
14 ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා ඔබත් එක්කම ඉන්නවා කියලා ඔබ කියනවා.+
ඒත් ඒක ඇත්තක් වෙන්න නම් ඔබ නපුරු දේ අත්හැරලා යහපත් දේ කරන්න ඕනේ.+
එතකොට ඔබට ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්.+
එහෙම කළොත් සමහරවිට ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා
යෝසෙප්ගේ පෙළපතේ ඉතුරු අයට කරුණාව පෙන්වයි.’+
16 “ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා මෙහෙම කියනවා.
‘හැම ප්‍රධාන හන්දියකම වැලපෙන හඬ ඇහෙයි.
“අනේ! අනේ,” කියලා කෑගහන හඬ හැම මාවතකම ඇහෙයි.
ගොවීන්ටත් කුලියට හඬා වැලපෙන අයටත්
ඇවිත් විලාප නඟන්න කියලා ඔවුන් කියයි.’
එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.
18 ‘යෙහෝවා දෙවියන්ගේ දවස එන කල් බලාගෙන ඉන්න අයට මොන තරම් දුක් වෙන්න වෙයිද!+
එහෙමනම් යෙහෝවාගේ දවස ඔබට මොන වගේ දවසක් වෙයිද?+
ඒක ආලෝකය වෙනුවට අන්ධකාරයෙන් වැහිලා ගිය දවසක් වෙයි.+
19 එදාට ඔබට වෙන්නේ මේ වගේ දෙයක්.
කෙනෙක් සිංහයෙක්ගෙන් බේරිලා පලා යද්දී ඔහු වලහෙක්ට අහු වෙනවා.
ඔහු කොහොමහරි එතනිනුත් බේරිලා ගෙදරට ගිහින් බිත්තියට හේත්තු වුණාම සර්පයෙක් ඔහුට දෂ්ට කරනවා.
20 යෙහෝවා දෙවියන්ගේ දවස ආලෝකය වෙනුවට අන්ධකාරයෙන් වැහුණු දවසක් වෙයි.
දීප්තිය වෙනුවට අඳුරු වලාවන්ගෙන් පිරුණු දවසක් වෙයි.
21 මම ඔබේ උත්සව පිළිකුල් කරනවා. ඒවා හෙළා දකිනවා.+
ශුද්ධ එක්රැස්වීම්වලදී ඔබේ පූජාවලින් නැඟෙන සුවඳ මට අප්‍රසන්නයි.
22 ඔබ මට දවන පූජා ඔප්පු කළත් තෑගි පූජා ඔප්පු කළත්
මම ඒවා ගැන පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.+
ඔබ හවුල් පූජා විදිහට මට හොඳ මහත සත්තු ඔප්පු කළත්
මම ඒවා කොහොමටවත් පිළිගන්නේ නැහැ.+