ගීතාවලිය
43 දෙවියනි, මාව විනිශ්චය කරන්න.+
විශ්වාසය කඩ කරපු ජාතියකට විරුද්ධව තියෙන මේ නඩුවේදී මං වෙනුවෙන් පෙනී ඉන්න.+
වංචාකාරී, අධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් මාව බේරගන්න.
2 මගේ දෙවියන් ඔබයි, මගේ රක්ෂස්ථානයත් ඔබයි.+
ඒත් ඔබ මාව අත්හැරලා දැම්මේ ඇයි?
මට හිරිහැර කරන සතුරා නිසා මට දුක් විඳින්න දෙන්නේ ඇයි?+
3 ඔබේ ආලෝකය මට ලබා දෙන්න. ඔබේ සත්‍ය වදන් මට උගන්වන්න.+
දෙවියනි, මගේ දෙවියනි, වීණාව වයමින් මම ඔබට ප්‍රශංසා කරනවා.+
5 ඉතින් ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ? ඇයි මං නොසන්සුන්ව ඉන්නේ?