ගීතාවලිය
දාවිත් රචනා කරපු ගීතයක්.
141 යෙහෝවා දෙවියනි, මම ඔබට කන්නලව් කරනවා.+
ඉක්මනින්ම මගේ උදව්වට එන්න.+
මං ඔබෙන් උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.+
2 මගේ යාච්ඤා, ඔබ ඉස්සරහා පිළියෙල කරපු+ සුවඳ ද්‍රව්‍ය වගේ වේවා!+
මං අත් උස්සලා කරන කන්නලව් හවස ඔප්පු කරන ධාන්‍ය පූජාව වගේ වේවා!+
4 කිසිම නපුරු දේකට යොමු වෙන්න මගේ හිතට ඉඩ දෙන්න එපා.+
දුෂ්ට දේවල් කරන අය එක්ක එකතු වෙලා පහත් දේවල් කරන්න මට ඉඩ දෙන්න එපා.
ඔවුන් එක්ක එකතු වෙලා රස බොජුන් කන්න මට කොහොමටවත් ඕනෙ නැහැ!
5 ධර්මිෂ්ඨයා මට පහර දුන්නත්
ඔහු ඒක කරන්නේ ඔහුට මං ගැන තියෙන නොසැලෙන ආදරේ නිසයි.+
ඔහු මට අවවාද කළත් ඒක මගේ හිසට වක් කරන තෛලයක් වගේ.+
මම ඒක කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.+
ඔවුන්ගේ විපතේදීත් මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා.
6 සෙනඟ ඔවුන්ගේ විනිශ්චයකරුවන්ව පර්වතයෙන් පහතට තල්ලු කරයි.
ඒ වුණත් ඔවුන් මං කියන දේවල් අහලා ඒවා යහපත් කියලා තේරුම්ගනියි.
7 නගුලෙන් පස හාරද්දී පස සීසීකඩ යනවා වගේ
අපේ ඇටකටුත් මිනී වළ අද්දර සීසීකඩ වැටිලා තියෙනවා.
මම රැකවරණය පැතුවේ ඔබගෙන්.
අනේ, මට මැරෙන්න දෙන්න එපා.
9 දුෂ්ටයන් මට අටවපු උගුලෙන් මාව ආරක්ෂා කරන්න.
ඔවුන් එළපු දැල්වලින් මාව බේරගන්න.