ගීතාවලිය
ආසාෆ් රචනා කරපු ගීතයක්.+
50 දෙවිවරුන්ගෙත් දෙවි යෙහෝවා+ කතා කළා.
නැඟෙනහිර ඉඳන් බස්නාහිර වෙන කල්
පොළොවේ ඉන්න හැමෝවම ඔහු කැඳෙව්වා.
2 සුන්දරත්වයෙන් නොඅඩු සියොන් නුවරෙන්+ නික්මෙන දෙවියන්ගේ ආලෝකය දීප්තියෙන් බැබළෙනවා.
3 අපේ දෙවියන් අනිවාර්යයෙන්ම එනවා. ඔහු කොහොමටවත් නිහඬව ඉන්නේ නැහැ.+
4 ඔහු තම සෙනඟව විනිශ්චය කරන්න සූදානමින් ඉන්නවා.+
ඔහු අහසත් පොළොවත් සාක්ෂිකරුවන් විදිහට කැඳවලා මෙහෙම කියනවා.+
5 “මගේ විශ්වාසවන්ත සේවකයන්ව මගේ ඉස්සරහට ගේන්න.
පූජාවක් මාර්ගයෙන් ස්ථිර කරපු ගිවිසුමට ඇතුළත් වුණ සෙනඟව එක්කන් එන්න.”+
7 “මගේ සෙනඟෙනි, මම දැන් ඔබට කතා කරනවා. මට සවන් දෙන්න.
ඊශ්‍රායෙල්, මම දැන් ඔබට විරුද්ධව සාක්ෂි දෙනවා.+
දෙවියන් මමයි. ඔබේ දෙවියන් මමයි.+
11 කඳුවල ගැවසෙන හැම කුරුල්ලෙක් ගැනම මම හොඳින් දන්නවා.+
තණබිම්වල සැරිසරන දහස් ගණන් සත්තු අයිතිත් මටයි.
12 මට බඩගින්නක් දැනුණත් ඒ ගැන ඔබට කියන්න අවශ්‍ය නැහැ.
මොකද සරුසාර පොළොවත් ඒකේ තියෙන හැම දේමත් මගෙයි.+
14 ඔබේ පූජාව විදිහට දෙවියන්ට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න.+
උසස්ම දෙවියන්ට ඔබ දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරන්න.+
එතකොට මම ඔබව බේරගන්නවා. ඔබත් මට ප්‍රශංසා කරනවා.”+
16 ඒත් දුෂ්ටයාට දෙවියන් මෙහෙම කියනවා.
“මගේ නියෝග ගැන කතා කරන්න ඔබට තියෙන අයිතිය මොකක්ද?+
මගේ ගිවිසුම ගැන කතා කරන්න ඔබට අයිතිය දුන්නේ කවුද?+
21 ඔබ මේ දේවල් කරද්දී මම නිහඬව හිටියා.
ඒ නිසා ඔබ හිතුවේ මාත් ඔබ හිතන විදිහටම හිතනවා කියලා.
ඒත් දැන් මම ඔබට අවවාද කරලා
ඔබට විරුද්ධව නඩුවක් ගොනු කරනවා.+