ගීතාවලිය
71 යෙහෝවා දෙවියනි, මං රැකවරණය පැතුවේ ඔබෙන්.
ඒ නිසා මට කවදාවත් ලැජ්ජාවට පත් වෙන්න දෙන්න එපා.+
2 ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා මාව බේරගන්න.
මාව ගලවගන්න. මට සවන් දීලා* මාව බේරගන්න.+
3 දෙවියනි, පර්වතයක තියෙන බලකොටුවක් වගේ වෙලා මාව ආරක්ෂා කරන්න.
මට ඕනෙම වෙලාවක ගිහින් රැකවරණය ලබාගන්න පුළුවන් තැනක් වෙන්න.
මාව බේරගන්න කියලා අණ දෙන්න.
මොකද මගේ පර්වතයත් මගේ බලකොටුවත් ඔබයි.+
4 අනේ මගේ දෙවියනි, දුෂ්ටයාගේ අතින් මාව ගලවගන්න.+
අසාධාරණ විදිහට මට කුරිරුකම් කරන කෙනාගේ අතින් මාව බේරගන්න.
මම නිතරම ඔබට ප්‍රශංසා කරනවා.
7 හුඟදෙනෙක් මං දිහා පුදුමයෙන් වගේ බලනවා.
ඒත් මං දන්නවා මගේ ශක්තිමත් බලකොටුව ඔබයි කියලා.
10 මගේ සතුරෝ මට විරුද්ධව කතා කරනවා.
මගේ ජීවිතය නැති කරන්න කුමන්ත්‍රණය කරන අය මෙහෙම කියනවා.+
11 “දෙවියන් ඔහුව අත්හැරලා. ඔහුව බේරගන්න කවුරුත්ම නැහැ.
ඔහු පස්සේ පන්නගෙන ගිහින් ඔහුව අල්ලගන්න.”+
12 දෙවියනි, මගෙන් ඈත් වෙලා ඉන්න එපා.
අනේ මගේ දෙවියනි, ඉක්මනටම මගේ උදව්වට එන්න.+
13 මට විරුද්ධව වැඩ කරන අයව ලැජ්ජාවට පත් කරලා ඔවුන්ව විනාශ කරන්න.+
මාව විනාශ කරන්න හදන අයට නින්දා අපහාස විඳින්න දෙන්න.+
14 ඔබ පියවර ගන්න කල් මං දිගටම බලන් ඉන්නවා.
මම තව තවත් ඔබට ප්‍රශංසා කරනවා.
15 මම ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන අනිත් අයට කියනවා.+
ඔබේ සේවකයන්ව ඔබ ගලවපු විදි ගැන මම දවස පුරාම කතා කරනවා.
ඔබ එහෙම කරපු අවස්ථා කොයි තරම්ද කිව්වොත් මට ඒවා කියලා ඉවර කරන්න බැහැ.*+
16 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,
මම ගිහින් ඔබේ බලවත් ක්‍රියා ගැන කතා කරන්නම්.
වෙන කවුරු ගැනවත් නෙවෙයි, මම කතා කරන්නේ ඔබේ ධර්මිෂ්ඨකම ගැනයි.
17 දෙවියනි, බාල වයසේ ඉඳන් ඔබ මට හුඟක් දේවල් ඉගැන්නුවා.+
ඔබ කරලා තියෙන පුදුමාකාර දේවල් ගැන මම අදටත් කතා කරනවා.+
18 අනේ දෙවියනි, මගේ හිසකෙස් පැහිලා මං වයසට ගියාට පස්සේ මාව අත්හරින්න එපා.+
ඉදිරි පරම්පරාවට ඔබේ බලවත් ක්‍රියා ගැන කියන්න මට අවස්ථාව දෙන්න.+
ඔබේ බලය ගැන ඊළඟ පරම්පරාවන්ට කියන්න මට ඉඩ දෙන්න.
19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම අහස දෙසටම විහිදිලා යනවා.+
ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දේවල් කරලා තියෙනවාද!
දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+
21 මාව ආයෙත් ගෞරවයට පත් කරන්න.
මාව වට කරගෙන මට සැනසීම ලබා දෙන්න.
ඊශ්‍රායෙලයේ ශුද්ධ තැනැත්තාණෙනි, වීණාව වාදනය කරමින් මම ඔබට ප්‍රශංසා ගී ගයනවා.