විනිශ්චයකරුවෝ
5 ඒ දවසේදී දෙබොරා+ සහ අබිනොවම්ගේ පුතා වුණ බාරාක්+ මේ ගීතය ගායනා කළා.+
2 “ඊශ්‍රායෙල් සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ නිසාත්+
යුද්දෙට ගිය අය හිසකෙස් කැපුවේ නැති* නිසාත්
යෙහෝවාට ප්‍රශංසා කරන්න.
ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි+ වන යෙහෝවාට ප්‍රශංසා ගී ගයනවා.+
4 යෙහෝවා දෙවියනි, ඔබ සේයිර්වලින් පිටත් වෙලා යද්දී+
ඒදොම් දේශයෙන් පිටතට එද්දී
මුළු පොළොවම දෙදරුම් කෑවා. අහසින් වැසි ඇද හැලුණා.
වලාකුළුවලින් වතුර කන්දරාවක් ඇද හැලුණා.
5 යෙහෝවා ඉදිරියේ කඳු දිය වෙලා ගියා.*+
සීනයි කන්ද පවා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි+ වන යෙහෝවා ඉදිරියේ+ දිය වෙලා ගියා.
6 අනාත්ගේ පුත් ෂම්ගර්ගේ+ දවස්වලදීත්
යායෙල්ගේ+ දවස්වලදීත් පාරවල් පාළුවට ගියා.
මඟීන් ගමන් කළේ අතුරු පාරවල්වලයි.
7 ඊශ්‍රායෙලයේ ගම්මානවල කිසිම කෙනෙක් හිටියේ නැහැ.
දෙබොරා+ වන මම මවක් වගේ වැඩ කරන කල්,+
මම ඊශ්‍රායෙල්වරුන්ගේ උදව්වට එන කල් ගම්මානවල කවුරුත් හිටියේ නැහැ.
ඊශ්‍රායෙල්වරුන් 40,000කගේ අතේ,
එක පලිහක්වත් හෙල්ලයක්වත් තිබුණේ නැහැ.
යෙහෝවාට ප්‍රශංසා කරන්න!
10 ළා දුඹුරු පාට බූරුවන් පිට නැඟලා යන,
වටිනා බුමුතුරුණුවල සැතපෙන,
මඟ තොටේ ගමන් කරන සියල්ලෙනි,
මේ ගැන හිතන්න!
11 සතුන්ට වතුර ඇදලා දුන්න අයගේ හඬ අපිට ඇහුණා.
එයාලා යෙහෝවාගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන කතා කළා.
ඊශ්‍රායෙලයේ ගම්මානවල හිටපු ඔහුගේ සෙනඟගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන කතා කළා.
එතකොට යෙහෝවාගේ සෙනඟ නුවර දොරටු ළඟ රැස් වුණා.
12 අවදි වෙන්න දෙබොරා,+ අවදි වෙන්න!
අවදි වෙලා ගීයක් ගයන්න!+
නැඟිටින්න අබිනොවම්ගේ පුත් බාරාක්,+ නැඟිටින්න! නැඟිටලා ඔයා අල්ලගත්ත අයව අරගෙන යන්න.
13 ඉතුරු වෙලා හිටපු අය අධිපතීන් ළඟට ආවා.
බලවත් සතුරන්ට විරුද්ධව සටන් කරන්න යෙහෝවාගේ සෙනඟ මං ළඟට ආවා.
එයා තැනිතලාවට පයින්ම ගියා.+
ඒත් රූබෙන්ගේ පවුල්වල අය ඒ ගැන ගොඩක් හිතහිත හිටියා.*
රූබෙන්ගේ පවුල්වල අය ගොඩක් හිතහිත හිටියා.
ආෂෙර් මුහුදු වෙරළේ නිකරුණේ කාලේ ගත කළා.
එයා වරායන්වලට වෙලා හිටියා.+
18 ඒත් සෙබ්‍යූලන් තම ජීවිතේ ගැනවත් හිතුවේ නැහැ. එයා මරණයට බය වුණේ නැහැ.
ඒත් කොල්ලයක් විදිහට එයාලට රිදී ලැබුණේ නැහැ.+
20 අහස්තලයේ ඉඳන් තාරකාවෝ සටන් කළා.
එයාලාගේ ගමන් මාර්ගයේ ඉඳන් සිසෙරාට විරුද්ධව සටන් කළා.
බලවත් අයව පාගලා දැම්මේ මමයි.
23 යෙහෝවාගේ දූතයා මෙහෙම කිව්වා.
‘මේරොෂ්ට ශාප වේවා! එහේ වැසියන්ට ශාප වේවා!
මොකද එයාලා යෙහෝවාගේ සහයට ආවේ නැහැ.
තමන්ගේ බලවත් අය එක්ක යෙහෝවාගේ සහයට ආවේ නැහැ.’
24 කේනිවරයෙක් වුණ හෙබෙර්ගේ බිරිඳ+ යායෙල්,+
ස්ත්‍රීන් අතරින් ආශීර්වාද ලබපු කෙනෙක්.
කූඩාරම්වල ඉන්න ස්ත්‍රීන් අතරින් වැඩියෙන්ම ආශීර්වාද ලබපු කෙනෙක්.
25 සිසෙරා එයාගෙන් වතුර ඉල්ලුවා. එයා සිසෙරාට බොන්න කිරි දුන්නා.
වටිනා බඳුනක දාලා එයා සිසෙරාට මුදවපු කිරි දුන්නා.+
26 එයා දකුණු අතට මිටියකුත්
වම් අතට කූඤ්ඤයකුත් අරගෙන,
ඒකෙන් සිසෙරාගේ ඔළුවට ගැහුවා.
එයා සිසෙරාගේ නළල පොඩි කරලා දැම්මා.+
27 යායෙල්ගේ දෙපාමුල එයා ඇද වැටුණා.
ඔව්, එයාගේ කකුල් දෙක ළඟ සිසෙරා ඇදගෙන වැටුණා.
වැටුණ තැනම එයා මැරුණා.
28 කවුළුවකින් ස්ත්‍රියක් එබිලා බැලුවා.
ඒ සිසෙරා එන කල් බලාගෙන ඉන්න එයාගේ මවයි.
‘එයාගේ රථය පමා වෙන්නේ ඇයි?
එයාගේ අශ්වයන් එන සද්දේ තවමත් ඇහෙන්නේ නැත්තේ ඇයි?’+
29 වංශවත් කාන්තාවන් එයාට මෙහෙම කියයි.
එයාත් එයාටම මෙහෙම කියා ගනියි.
30 ‘එයාලා කොල්ලය බෙදාගන්නවා ඇති.
හැම සෙබළෙක්ටම එක තරුණියක් ගාණේ, නෑ තරුණියන් දෙන්නා ගාණේ බෙදලා දෙනවා ඇති.
සිසෙරාට පාට දාපු සළුවක් දෙනවා ඇති.
කොල්ලය එකතු කරගත්ත අයගේ ගෙල වටේ දාගන්න
පාට දාපු සළුවකුයි, වැඩ දැම්ම ඇඳුමකුයි, නෑ ඇඳුම් දෙකකුයි බෙදලා දෙනවා ඇති.’
31 යෙහෝවා දෙවියනි, ඔබේ සතුරන් හැමෝම විනාශ වේවා!+
ඔබට ආදරේ කරන අය නැඟ එන හිරු වගේ දීප්තියෙන් බැබළේවා!”
එදා ඉඳලා අවුරුදු 40ක් පුරා දේශයේ සාමකාමී වාතාවරණයක් තිබුණා.+