යෙසායා
55 පිපාසෙන් ඉන්න සියල්ලෙනි,+ එන්න! ඇවිත් වතුර ගන්න.+
මුදල් නැති සියල්ලෙනි, ඇවිත් කෑම අරන් කන්න.
එන්න, මුදල් නොගෙවා වයින් සහ කිරි ගන්න.+ ඇවිත් වියදමක් නොදරා+ ඒවා ගන්න.
2 බඩගින්න නිවන්න බැරි කෑම වෙනුවෙන් ඔබ මුදල් ගෙවන්නේ ඇයි?
කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැති දේවල් වෙනුවෙන් ඔබ උපයන දේවල්* වැය කරන්නේ ඇයි?
3 හොඳට ඇහුම්කන් දෙන්න. මං ළඟට එන්න.+
මට සවන් දෙන්න. එහෙම කළොත් ඔබේ ජීවිතය රැකෙයි.
මම හරිම කැමැත්තෙන් ඔබ එක්ක හැමදාටම තියෙන ගිවිසුමක් ඇති කරගන්නවා.+
ඒක දාවිත්ට නොසැලෙන ආදරයක් පෙන්නන්න මම වුණ පොරොන්දුවට එකඟයි. ඒ පොරොන්දුව විශ්වාසවන්තයි.+
5 බලන්න! ඔබ නාඳුනන ජාතියකට ඔබ අඬගහයි.
ඔබව අඳුරන්නේ නැති සෙනඟක් ඔබ ළඟට දුවගෙන එයි.
එහෙම එන්නේ ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා සහ ඔබේ දෙවි වන යෙහෝවා නිසයි.+
මොකද ඔහු ඔබව ගෞරවයට පත් කරයි.+
6 යෙහෝවාව හඳුනගන්න අවස්ථාව තියෙද්දී ඔහු ගැන හොයන්න.+
ඔහු ළඟින් ඉන්න කාලේදී ඔහුට කන්නලව් කරන්න.+
7 දුෂ්ටයා ඔහු යන මාර්ගයෙන් ඉවත් වේවා!+
අනුන්ට උගුල් අටවන කෙනා නපුරු සිතුවිලිවලින් ඉවත් වේවා!
ඔහුට දයාව පෙන්නන යෙහෝවා+ ළඟට,
අපේ දෙවියන් ළඟට හැරී ඒවා! දෙවියන් අදිමදි නොකර* ඔහුට සමාව දෙයි.+
8 “මොකද ඔබ හිතන විදිහට නෙමෙයි මම හිතන්නේ.+
ඔබ වැඩ කරන විදිහට වඩා මම වැඩ කරන විදිහ ගොඩක් වෙනස්” කියලා යෙහෝවා කියනවා.
9 “අහස පොළොවට වඩා ගොඩක් ඉහළින් තියෙනවා වගේ,
මම වැඩ කරන විදිහ ඔබ වැඩ කරන විදිහට වඩා ගොඩක් උසස්.
මම හිතන විදිහ ඔබ හිතන විදිහට වඩා ශ්‍රේෂ්ඨයි.+
10 වැස්ස සහ හිම අහසින් පොළොවට වැටිලා
පොළොව සම්පූර්ණයෙන්ම තෙමන කල් ඒක ආපහු අහසට යන්නේ නැහැ.
ඒ තෙතමනය නිසා පැළ හටගනියි. ගස් වැල්වලින් පලදාව ලැබෙයි. වපුරන්න බීජත් කෑමත් ලැබෙයි.