යෝබ්
40 යෙහෝවා දෙවියන් දිගටම යෝබ්ට කතා කරලා මෙහෙම කිව්වා.
2 “මිනිසෙක්ට අයිතියක් තියෙනවාද සියලු බලැති දෙවියන් එක්ක වාද කරකර ඔහුට චෝදනා කරන්න?+
කාට හරි මට විරුද්ධව චෝදනාවක් තියෙනවා නම් එයාට පුළුවන් දැන් කතා කරන්න.”+
3 එතකොට යෝබ් යෙහෝවාට මෙහෙම කිව්වා.
4 “අනේ, මං කොහොමද ඔබට කිසිම දෙයක් කියන්නේ?
ඔබ ඉස්සරහා මං කිසි වැදගැම්මකට නැති කෙනෙක්.+
මං මගේ අතින් මගේ කට වහගන්නවා.+
6 ඊටපස්සේ යෙහෝවා සැඩ සුළඟ මැදින් යෝබ්ට මෙහෙම කිව්වා.+
8 මං අසාධාරණ කෙනෙක් කියලද ඔයා මට චෝදනා කරන්නේ?
ඔයා නිර්දෝෂයි කියලා ඔප්පු කරන්න මං දුෂ්ට කෙනෙක් කියලා පෙන්නන්න හදනවාද?+
10 එහෙමනම් ශ්‍රේෂ්ඨත්වය වස්ත්‍රයක් වගේ පැලඳගන්න.
ගෞරවයෙන් සහ තේජසින් සැරසිලා ඉන්න.
11 ඔයාගේ හිතේ දැවෙන කේන්තිය පිට කරන්න.
අහංකාර විදිහට වැඩ කරන හැම කෙනෙක්වම පහතටම ඇදලා දාන්න.
12 හැම උඩඟු කෙනෙක්වම ලැජ්ජාවට පත් කරන්න.
දුෂ්ටයන්ව පාගලා දාන්න.
13 ඒ හැම කෙනෙක්වම වැල්ලේ හංගන්න.
අඳුරු තැනක එයාලව බැඳලා තියන්න.
14 ඔයාට එහෙම කරන්න පුළුවන් නම්
ඔයාගේ ශක්තියෙන් ඔයාට බේරෙන්න පුළුවන් කියලා මං පිළිගන්නවා.*
ගොනෙක් වගේ ඌ තණකොළ කයි.
16 උගේ තුනටියේ කොච්චර ශක්තියක් තියෙනවාද කියලා බලන්න.
උගේ උදරයේ මස් ගොබවල තියෙන අසීමිත ශක්තිය දිහාත් බලන්න.
17 උගේ වලිගය දේවදාර ගසක් වගේ සවිමත්.
උගේ කළවා පෙදෙසේ තියෙන නහර එකිනෙක ගොතලා තියෙනවා.
18 උගේ අස්ථි තඹ නළ වගේ.
උගේ ශක්තිමත් පාද යකඩ කඳන් වගේ.
19 ඌ මගේ මුල්ම නිර්මාණයන් අතරින් එකක්.
ඌට කඩුවෙන් පහර දෙන්න පුළුවන් ඌව නිර්මාණය කරපු මට විතරයි.
20 වනසත්තු සෙල්ලම් කරන කඳුකරයේ තියෙන පලදාව
ඌ වෙනුවෙන් වෙන් කරලයි තියෙන්නේ.
21 ඌ නෙළුම් පැළ යටත්
වගුරුබිම්වල බට ගස් අතරෙත් විවේක ගන්නවා.
23 ගඟ කැලඹුණත් ඌ කලබල නොවෙයි.
යොර්දාන් ගඟේ+ සැඩ පහර වේගයෙන් ඌ දෙසට ආවත් ඌ බිය නොවෙයි.
24 කාටවත් පුළුවන්ද ඌ ඉස්සරහට ගිහින් ඌව අල්ලගන්න?
උගේ නහයට කොක්කක් දාලා ඌව ඇදගෙන යන්න?