ගීතාවලිය
දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්.
124 “යෙහෝවා අපිට උදව් කළේ නැත්නම්,”+
(ඊශ්රායෙල් සෙනඟෙනි, දැන් ඔබත් මෙහෙම කියන්න.)
2 “මිනිසුන් අපිට විරුද්ධව එද්දී+
යෙහෝවා අපිට උදව් කළේ නැත්නම්,+
3 ඔවුන්ට අපි ගැන තිබුණ දැවෙන කෝපය නිසා+
ඔවුන් අපිව පණපිටින්ම ගිලලා දාන්න ඉඩ තිබුණා.+
5 සැඩ පහරට අහු වෙලා ගිලෙන්නත් ඉඩ තිබුණා.
6 යෙහෝවාට ප්රශංසා වේවා!
මොකද ඔහු අපිව ඔවුන්ගේ ගොදුරක් වෙන්න ඉඩ දුන්නේ නැහැ.