යෝබ්
35 ඊටපස්සේ එලිහු මෙහෙමත් කිව්වා.
2 “ඔයා හිතන විදිහ හරියි කියලා ඔයාට ඒ තරම් ලොකු විශ්වාසයක් තියෙනවාද?
ඒ නිසාද ඔයා ‘මං දෙවියන්ට වඩා ධර්මිෂ්ඨයි’ කියලා කියන්නේ?+
3 ඔයා මෙහෙමත් කියනවා. ‘මං ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළා කියලා ඒකෙන් ඔබට* වැඩක් තියෙනවාද?
මං වැරදි දෙයින් වැළකිලා හිටියා කියලා මට හොඳක් වෙලා තියෙනවාද?’+
6 ඔයා වරදක් කළොත් ඒකෙන් දෙවියන්ට හානියක් වෙනවාද?+
දිගින් දිගටම දෙවියන්ට අකීකරු වුණොත් ඒක ඔහුට බලපානවාද?+
7 යහපත් ජීවිතයක් ගත කරන එක ඔයා දෙවියන්ට කරන උදව්වක් කියලා හිතුවාද?
දෙවියන්ට ඔයාගෙන් කිසිම දෙයක් ලැබිලා තියෙනවාද?+
8 ඔයා දුෂ්ට දෙයක් කළොත් ඒක බලපාන්නේ ඔයා වගේ මිනිසෙක්ට විතරයි.
ඔයා ධර්මිෂ්ඨ දෙයක් කළොත් ඒකෙන් ප්‍රයෝජන ලබන්නේ මිනිසුන්ම විතරයි.
9 තාඩන පීඩනවලින් හෙම්බත් වුණ අය හඬා වැලපෙයි.
බලහත්කාරකම් කරන අයගේ අතින් බේරගන්න කියලා එයාලා අඬඅඬ උදව් ඉල්ලයි.+
10 ඒත් ‘මාව නිර්මාණය කරපු ශ්‍රේෂ්ඨ දෙවියන් කොහෙද?+
රාත්රියේදී ප්‍රශංසා ගී ගයන්න සලස්වන මගේ දෙවියන් කොහෙද’ කියලා ඒ එක් කෙනෙක්වත් අහන්නේ නැහැ.+
11 සතුන්ට වඩා වැඩි දැනුමක්+ ඔහු මිනිසාට දීලා තියෙනවා.+
අහසේ පියාසර කරන කුරුල්ලන්ට වඩා ප්‍රඥාවක් ඔහු අපිට දීලා තියෙනවා.
13 එයාලා කන්නලව් කරන්නේ අවංක හිතකින් නෙවෙයි.
ඉතින් දෙවියන් එයාලට සවන් දෙයිද?+
සියලු බලැති දෙවියන් ඒ කන්නලව්වලට කොහොමටවත් සවන් දෙන්නේ නැහැ.
14 එහෙමනම් දෙවියන්ව පේන්නේ නැහැ කියලා පැමිණිලි කරන ඔයාට ඔහු සවන් දෙයිද?+
ඒත් ඔයාගේ නඩුව ඔහු භාර අරගෙනයි තියෙන්නේ.
ඔහු තීන්දුවක් දෙන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්න.+