ආමොස්
6 “තමන් ගැනම ලොකු විශ්වාසයකින් ඉන්න සියොන්වල අයට,
සමාරියේ කන්ද මත සුරක්ෂිතව ඉන්න අයට+ මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද!
ජාතීන් අතරින් උසස්ම ජාතිය වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයන්ට,
ඊශ්‍රායෙල් සෙනඟ පිහිට පතාගෙන යන පාලකයන්ට මොන තරම් දුක් වෙන්න වෙයිද!
2 කල්නේවලට ගිහින් බලන්න.
එතනින් ජනාකීර්ණ හමාත් නගරයට යන්න.+
එතනින් බැහැගෙන ගිහින් පිලිස්තිවරුන්ගේ ගාත් නගරයට යන්න.
ඒ නගර ඔබේ රාජ්‍යයන්ට වඩා උසස්ද?
ඔවුන්ගේ දේශය ඔබේ දේශයට වඩා විශාලද?
4 ඔවුන් රැළෙන් ගත්ත බැටළුවන්ගෙත් මහත වස්සන්ගෙත් මස් කකා+
ඇත්දළවලින් අලංකාර කරපු යහන්වල සැතපෙනවා.+ අසුන්වල වැතිරිලා ඉන්නවා.+
5 වීණා හඬ ඇහෙද්දී ඔවුන් ගී පද රචනා කරනවා.+
දාවිත් වගේ අලුත් අලුත් සංගීත භාණ්ඩ නිර්මාණය කරනවා.+
6 ඔවුන් විශාල බඳුන්වලින් වයින් බිබී,+
ඉස්තරම්ම තෙල් ඇඟේ ආලේප කරගන්නවා.
ඒත් යෝසෙප්ගේ පෙළපතට වෙන විපත ගැන ඔවුන්ට ගාණක්වත් නැහැ.*+
7 ඒ නිසා මුලින්ම දේශයෙන් පිටමං කරන්නේ ඔවුන්වයි.+
එතකොට සැපවත් ජීවිත ගත කරන ඔවුන්ගේ ඝෝෂාකාරී උත්සව අවසන් වෙයි.
8 ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා මෙහෙම කියනවා.
‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා තමන්ගෙම නමින් දිවුරනවා.’+
‘“යාකොබ්ගේ උඩඟුකම මට පිළිකුලක්.+ ඔහුගේ ශක්තිමත් බලකොටු මම හෙළා දකිනවා.+
ඒ නගරයත් ඒකේ ඉන්න හැමෝවමත් ඒකේ තියෙන හැම දේමත් මම සතුරන්ට භාර දෙනවා.+
9 “‘“නිවසක දහදෙනෙක් ඉතුරු වුණත් ඔවුනුත් මැරෙයි. 10 ඔවුන්ගේ නෑදෑයෙක් ඇවිත් ඒ මළ සිරුරු නිවසින් එළියට අරන් ගිහින් ඒවා එකින් එක පුච්චලා දායි. ඒ විදිහට ඔහු ඔවුන්ගේ ඇටකටු නිවසින් එළියට අරන් යයි. ඊටපස්සේ ඔහු නිවස ඇතුළේ ඉන්න කෙනෙක්ගෙන් ‘තව කවුරු හරි ඔයා එක්ක ඉන්නවාද’ කියලා අහයි. ‘වෙන කවුරුත් නැහැ’ කියලා ඔහු කියයි. එතකොට ඒ නෑදෑයා ඔහුට මෙහෙම කියයි. ‘දැන් නිහඬ වෙන්න! යෙහෝවාගේ නම කියලා කන්නලව් කළාට දැන් වැඩක් නැහැ.’”
12 අශ්වයන්ට පර්වතයක් උඩ දුවන්න පුළුවන්ද?
ගවයන්ව පර්වතයක් උඩට අරන් ගිහින් සීසානවාද?
ඔබ යුක්තිය ඉටු කරන්නේ නැතුව ජනයාට හානියක් වෙන විදිහට ඔබේ බලය යොදාගන්නවා.*
ඔබ ධර්මිෂ්ඨ දේ කරනවා වෙනුවට ජනයාට හිංසා පීඩා කරනවා.