පළවෙනි ලේකම්
10 පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කළා. ඊශ්‍රායෙල්වරු සටනින් පැරදිලා පිලිස්තිවරුන්ගෙන් පලා ගියා. එයාලාගෙන් හුඟදෙනෙක් ගිල්බෝවා කන්දේදී මැරුම් කෑවා.+ 2 පිලිස්තිවරු සාවුල් රජ සහ එයාගේ පුතාලා පස්සෙන් පන්නගෙන ගිහින් එයාලා කිට්ටුවටම ආවා. එයාලා සාවුල්ගේ පුතාලා වුණ යොනාතාන්වයි, අබිනාදාබ්වයි, මල්කීෂුවාවයි+ මරලා දැම්මා. 3 සාවුල්ට විරුද්ධව එල්ල කරපු ප්‍රහාර එන්න එන්නම දරුණු අතට හැරුණා. දුනුවායන්ගේ ඊ පහරවල් නිසා සාවුල්ට තුවාල වුණා.+ 4 ඒ වෙලාවේ සාවුල් එයාගේ ආයුධ අරන් ගිය කෙනාට කතා කරලා මෙහෙම කිව්වා. “මේ අචර්මච්ඡේදිතයන් මාව මරන්න කලින් ඔයාගේ කඩුවෙන් මාව මරලා දාන්න. නැත්තං එයාලා ඇවිත් මට හොඳටම වධ දෙයි.”+ ඒත් ආයුධ අරන් ගිය කෙනා එහෙම කරන්න බය වුණා. ඉතින් සාවුල් කඩුව අරගෙන තමන්ටම ඇනගත්තා.+ 5 සාවුල් මැරුණා කියලා දැක්කාම එයාගේ ආයුධ අරන් ගිය කෙනාත් එයාගේ කඩුව අරන් එයාටම ඇනගෙන මැරුණා. 6 සාවුල් රජයි, එයාගේ පුතාලා තුන්දෙනායි, සාවුල් එක්ක හිටපු අනිත් හැම කෙනෙක්මයි එදා මිය ගියා.+ 7 ඊශ්‍රායෙල් හමුදාවේ හැමෝම පලා යනවා කියලත් සාවුල් සහ එයාගේ පුතාලා මැරුණා කියලත් ආරංචි වුණාම නිම්නයේ* පදිංචි වෙලා හිටිය ඊශ්‍රායෙල්වරු එයාලාගේ ගම්බිම් අත්හැරලා පලා ගියා. පස්සේ පිලිස්තිවරු ඒ නගරවලට ඇවිත් පදිංචි වුණා.
8 පහුවදා මිය ගිය අය ළඟ තිබුණ දේවල් පැහැරගන්න පිලිස්තිවරු ගිල්බෝවා+ කන්දට ආවා. එතකොට එයාලා දැක්කා සාවුල්ගෙයි, එයාගේ පුතාලාගෙයි මළ සිරුරු එතන තියෙනවා. 9 පිලිස්තිවරු සාවුල්ගේ ආයුධ ගලවලා දාලා එයාගේ බෙල්ල කැපුවා. ඊටපස්සේ එයාලා පිලිස්තිවරුන්ගේ දේශය පුරාම පණිවිඩකරුවන්ව යවලා දේවාලවලටත්+ සෙනඟ අතරටත් ගිහින් ඒ ගැන දැනුම් දෙන්න කියලා කිව්වා. 10 ඊටපස්සේ එයාලා සාවුල්ගේ ආයුධ එයාලාගේ දෙවියන්ගේ දේවාලයේ තිබ්බා. සාවුල්ගේ ඔළුව දාගොන්ගේ+ දේවාලයේ එල්ලුවා.
11 පිලිස්තිවරු සාවුල් රජට කරපු දේ ගැන ගිලියද්වල තිබුණ යාබෙෂ්වල+ හිටපු හැමෝටම ආරංචි වුණා.+ 12 එතකොට ඒ නගරයේ හිටපු නිර්භීත පුරුෂයන් හැමෝම ගිහින් සාවුල්ගෙයි, එයාගේ පුතාලාගෙයි මළ සිරුරු යාබෙෂ්වලට අරගෙන ආවා. ඊටපස්සේ යාබෙෂ්වල+ මිනිස්සු එයාලාගේ ඇටකටු යාබෙෂ්වල තිබුණ ලොකු ගහ යට වළලලා දවස් හතක් කිසිම දෙයක් කන්නේ නැතුව හිටියා.
13 සාවුල් ඒ විදිහට මැරුණේ යෙහෝවා දෙවියන් කියපු දේට අකීකරු වෙලා යෙහෝවාට අවිශ්වාසවන්තව වැඩ කරපු නිසයි.+ ඒ වගේම මැරුණු අය එක්ක කතා කරන ස්ත්‍රියකගෙන් උදව් ගත්ත නිසයි.+ 14 එයා යෙහෝවාගේ මඟ පෙන්වීම් පැතුවේ නැහැ. ඉතින් ඔහු සාවුල්ව මරණයට පත් කරලා එයාගේ රජකම යෙස්සේගේ+ පුතා වුණ දාවිත්ට දුන්නා.