ගීතාවලිය
33 ධර්මිෂ්ඨයෙනි, යෙහෝවා නිසා හඬ නඟා සතුටු වෙන්න.+
අවංක සිත් තියෙන හැම කෙනෙක්ගෙන්ම ප්රශංසාව ලබන්න ඔහු වටිනවා.
5 ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්රිය කෙනෙක්.+
යෙහෝවාගේ නොසැලෙන ආදරය පොළොව පුරාම දැකගන්න
පුළුවන්.+
8 පොළොවේ ඉන්න සියල්ලෙනි, යෙහෝවාට ගරුබිය දක්වන්න.+
පොළොවේ වැසියෙනි, ඔහු ගැන පුදුම වෙන්න.
11 ඒත් යෙහෝවා දෙවියන්ගේ තීරණ* සදහටම පවතිනවා.+
පරම්පරා ගණනාවක් ගත වුණත් ඔහුගේ කැමැත්ත කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
12 යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළි අරන් ඉන්න ජාතිය සන්තෝෂවත්.+
දෙවියන් තමන්ගේ උරුමය විදිහට තෝරගත්ත සෙනඟ සන්තෝෂවත්.+
14 ඔහුගේ වාසස්ථානයේ ඉඳන්
ඔහු පොළොවේ ජීවත් වෙන හැමෝම දිහා හොඳින් බලන් ඉන්නවා.
16 විශාල යුද සේනාවක් හිටියා කියලා රජෙක්ට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.+
කෙනෙක්ට ලොකු ශක්තියක් තිබුණා කියලා ඒ කෙනා ගැලවෙන්නෙත් නැහැ.+
17 අශ්වයන් ඉන්න නිසා ගැලවීම* ලැබෙයි කියලා හිතන එක මෝඩකමක්.+
උන්ට ලොකු ශක්තියක් තිබුණා කියලා ගැලවීම ලැබෙන්නෙත් නැහැ.
18 යෙහෝවාගේ ඇස් ඔහු ගැන ගරුබියක් තියෙන අය වෙතටත්+
ඔහුගේ නොසැලෙන ආදරේ ලබන්න ආශාවෙන් ඉන්න අය වෙතටත් යොමු වෙලා තියෙනවා.
19 ඒ, ඔවුන්ව මරණයෙන් බේරගන්නයි.
සාගත කාලයේදී ඔවුන්ව ආරක්ෂා කරන්නයි.+
20 අපි යෙහෝවා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අපිට උපකාර කරන කෙනාත් අපේ පලිහත් ඔහුයි.+