ආමොස්
2 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.
‘“මෝවබ්වරු තුන් පාරක් කැරලිගැහුවා.+ හතර පාරක්ම කැරලිගැහුවා.*
ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.
ඔවුන් ඒදොම් දේශයේ රජගේ ඇටකටු පුච්චලා ඒවාවලින් හුණු හදාගත්තා.
2 ඒ නිසා මම මෝවබ් දේශයට ගින්නක් එවනවා.
ඒ ගින්නෙන් කෙරියොත්+ නගරයේ ශක්තිමත් බලකොටු අළු වෙලා යනවා.
යුධ ඝෝෂා සහ හොරණෑ හඬ මැද
ලොකු සටනකින් මෝවබ් විනාශ වෙලා යනවා.+
3 මම මෝවබ් දේශයේ පාලකයාව අයින් කරලා දානවා.
ඔහුත් එක්කම ඔහුගේ අධිපතීන් හැමෝවමත් මරලා දානවා.”+
එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.’
4 යෙහෝවා මෙහෙමත් කියනවා.
‘යූදා වැසියන් තුන් පාරක් කැරලිගැහුවා.+ හතර පාරක්ම කැරලිගැහුවා.
ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.
ඔවුන් යෙහෝවා වන මම දීපු නීතිය* ප්‍රතික්ෂේප කළා. මගේ නියෝග කඩ කළා.+
ඔවුන්ගේ මුතුන්මිත්තන්ව නොමඟ යවපු බොරු දේවල් පස්සේ ගිහින් ඔවුනුත් මංමුළා වෙලා.+
6 යෙහෝවා මෙහෙමත් කියනවා.
‘ඊශ්‍රායෙල්වරු තුන් පාරක් කැරලිගැහුවා.+ හතර පාරක්ම කැරලිගැහුවා.
ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.
ඔවුන් රිදී ලබාගන්න ධර්මිෂ්ඨ අයව විකුණනවා.
පාවහන් කුට්ටමක් වෙනුවෙන් දුප්පතුන්ව විකුණනවා.+
මගේ ශුද්ධ නමට නින්දා කරමින් තාත්තායි, පුතායි
එකම තරුණිය එක්ක අනාචාරයේ යෙදෙනවා.
8 ඔවුන් ඇපයක් විදිහට පැහැරගත්ත ඇඳුම්+ හැම පූජාසනයක් ළඟම එළාගෙන ඒවා උඩ දිගා වෙලා ඉන්නවා.+
ඔවුන් මිනිසුන්ගෙන් අය කරපු දඩ මුදල්වලින් වයින් අරගෙන ඔවුන්ගේ දේවාල ඇතුළට ගිහින් බොනවා.’
9 ‘ඒත් ඔවුන් ඉදිරියෙන් අමෝරිවරුන්ව පන්නලා දාලා විනාශ කළේ මමයි.+
දේවදාර ගස් වගේ උස, ඕක් ගස් වගේ ශක්තිමත්ව හිටපු ඒ අයව මම විනාශ කළා.
ගහේ පල විතරක් නෙවෙයි මුලත් මම සම්පූර්ණයෙන්ම විනාශ කළා.+
10 මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවා.+
අවුරුදු 40ක් පුරා පාළුකරයේ ඔබව අරන් ගියා.+
එහෙම කළේ අමෝරිවරුන්ගේ දේශය ඔබට අයිති කරලා දෙන්නයි.
11 ඔබේ පුතුන් සමහරදෙනෙක්ව අනාගතවක්තෘවරු විදිහටත්+
තරුණයන්ගෙන් සමහරදෙනෙක්ව නසරීතවරු විදිහටත්+ මම පත් කළා.
ඊශ්‍රායෙල් ජනයෙනි, මම එහෙම කළේ නැද්ද?’ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.
12 ‘ඒත් ඔබ දිගින් දිගටම නසරීතවරුන්ට වයින් බොන්න දුන්නා.+
“අනාවැකි කියන්න එපා” කියලා අනාගතවක්තෘවරුන්ට තර්ජනය කළා.+
13 ඒ නිසා අලුත් ධාන්‍ය පටවපු කරත්තෙකට යට වෙන ඕනෙම දෙයක් තැළිලා පොඩි වෙලා යනවා වගේ,
ඔබ ඉන්න තැනදීම මම ඔබව පොඩි කරලා දානවා.
14 එදාට වේගයෙන් දුවන අයටවත් පලා යන්න තැනක් හොයාගන්න බැරි වෙයි.+
ශක්තිමත් අයගෙත් සවිය නැති වෙයි.
දක්ෂ සටන්කරුවෙක්ටවත් තමන්ගේ ජීවිතය බේරගන්න බැරි වෙයි.
15 එක දුනුවායෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ.
වේගයෙන් දුවන එක් කෙනෙක්වත් බේරෙන්නේ නැහැ.
අශ්වයන් පිට නැඟලා යන කාටවත් ජීවිතේ බේරගන්න බැහැ.