ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙත. “මාව විනාශ කරන්න එපා” කියන තාලයට ගායනා කරන්න. මික්ටැම්.* සාවුල්ගේ පිරිස දාවිත්ව මරලා දාන්න ඔහුගේ නිවස ළඟ රැකගෙන හිටියා. ඒ ගැන දාවිත් රචනා කරපු ගීතයක්.+
3 ඔවුන් මාව අල්ලගන්න බලන් ඉන්නවා.+
බලවත් අය මට පහර දෙනවා.
ඒත් යෙහෝවා, ඔවුන් එහෙම කරන්නේ
මං වරදක් කරපු නිසාවත් කැරලිගහපු නිසාවත් නෙවෙයි.+
4 මං වරදක් කළේ නැතත් ඔවුන් මට පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.
මං ඔබට හඬගසද්දී, ඇවිත් ඔවුන් මට කරන දේ බලන්න. මගේ උදව්වට එන්න.
5 ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඔබයි.+
ඒ නිසා නැඟිටලා ජාතීන් කරන දේවල් දිහා බලන්න. ඔවුන්ට විරුද්ධව පියවර ගන්න.
එක ද්රෝහියෙක්ටවත් අනුකම්පාව පෙන්වන්න එපා.+ (සීලාහ්)
7 ඔවුන්ගේ කටින් දුෂ්ට කතා ගලාගෙන එනවා.
ඔවුන්ගේ දිව් තියුණු කඩු වගේ.+
ඔවුන් හිතන් ඉන්නේ “අපි මොනවා කිව්වත් කවුරුත් ඒ ගැන දැනගන්නේ නැහැ” කියලයි.+
10 මට නොසැලෙන ආදරයක් පෙන්වන දෙවියන් මගේ උදව්වට එනවා.+
මගේ සතුරන්ගේ පරාජය දකින්න ඔහු මට අවස්ථාව දෙනවා.+
11 දෙවියනි, එකපාරින්ම ඔවුන්ව මරලා දාන්න එපා.
ඔබේ ශක්තිය පෙන්වලා ඔවුන්ට ඉබාගාතේ යන්න සලස්වන්න.
අපේ පලිහ වන යෙහෝවා, ඔවුන්ගේ බලය නැති කරලාම දාන්න.+
එතකොට ඔබ ඔවුන්ට කරපු ඒ දේ මගේ සෙනඟට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
12 ඔවුන්ගේ කටින් පිට වෙන්නේ දුෂ්ට වචන.
ඔවුන් අනුන්ට ශාප කරනවා. අනුන්ව රවට්ටනවා.
ඔවුන්ගේ උඩඟුකම ඔවුන්ටම උගුලක් වේවා!+
13 ඔබේ කේන්තිය පෙන්වලා ඔවුන්ව විනාශ කරන්න.+
එක් කෙනෙක්වත් ඉතුරු කරන්නේ නැතුව ඔවුන්ව නැති කරලාම දාන්න.
එහෙම කරලා යාකොබ්ගෙත් මුළු පොළොවෙත් රජ ඔබයි කියලා ඔවුන්ට පෙන්වන්න.+ (සීලාහ්)