යෝබ්
16 යෝබ් මෙහෙම කිව්වා.
2 “ඔය වගේ කතා මං කොච්චර නම් අහලා ඇද්ද?
ඔයාලා ඇවිත් ඉන්නේ මාව සනසන්න නෙවෙයි මගේ හිත බිඳලා දාන්න.+
3 ඔයාලාගේ ඔය කිසි වැඩකට නැති කතා මං තව කොච්චර වෙලා අහන් ඉන්නද?
ඇයි ඔයාලා ඔහොම කතා කරන්නේ?
4 ඔයාලා මගේ තත්වයේ හිටියා නම් මටත් තිබුණා ඔයාලා වගේ කතා කරන්න.
එක එක තර්ක පාවිච්චි කරලා ඔයාලට විරුද්ධව කතා කරන්න මටත් තිබුණා.
ඔයාලා දිහා බලලා සමච්චලේට මගේ ඔළුව වනන්න තිබුණා.+
ඒත් ඔයාලා හිතනවාද මං එහෙම කරයි කියලා?
5 නැහැ! එහෙම වුණා නම් මම හිත සැනසෙන වචනවලින් ඔයාලව ශක්තිමත් කරනවා.
දුක තුනී කරන වචන කියලා ඔයාලාගේ හිතට සහනයක් දෙනවා.+
8 ඔහු හැමෝටම පේන්න මට යන්න නොදී මාව අල්ලගෙන ඉන්නවා.
මගේ ඇඟ වැහැරිලා ගිහින්, ඒක මටම විරුද්ධව සාක්ෂි දෙනවා.
සතුරෙක් වගේ දත්මිටි කාගෙන මට රවනවා.
ඔහුගේ කුරිරු බැල්ම මගේ හිත පසාරු කරන් යනවා.+
10 හුඟදෙනෙක් මට විරුද්ධව කතා කරන්න රැස් වෙලා ඉන්නවා.+
මාව ගිලගන්න මාන බලමින් ඉන්නවා.+
මගේ කම්මුලට ගහලා මට නින්දා කරනවා.
12 මම නිස්කලංකව දිවි ගෙවමින් හිටියත්
ඔහු මගේ ජීවිතේ කණපිට පෙරළුවා.+
මාව බෙල්ලෙන් අල්ලලා පොළොවේ ගැහුවා.
ඔහු මාවමයි ඉලක්ක කරගෙන ඉන්නේ.
13 දෙවියන් මට පොඩ්ඩක්වත් අනුකම්පා කරන්නේ නැහැ.
ඔහුගේ දුනුවායෝ මාව වට කරගත්තා.+
එයාලාගේ ඊතල මගේ වකුගඩු පසාරු කරගෙන ගියා.+
මගේ පිත පවා එළියට ආවා.
14 මං දිගින් දිගටම දෙවියන්ගේ ප්රහාරවලට ලක් වුණ,
කැඩිලා බිඳිලා ගිය පවුරක් වගේ.
ඔහු බලවන්තයෙක් වගේ මගේ ඇඟට කඩන් පැනලා පහර දෙනවා.
16 අඬලා අඬලාම මගේ මූණ රතු වෙලා.+
මගේ ඇස් අඳුරු වෙලා.
17 ඒත් මං කාටවත් හානියක් කරලා නැහැ.
මගේ යාච්ඤාත් අවංකයි.
මගේ විලාප හඬ හංගන්න එපා කියලත් මං පොළොවට කිව්වා.
19 මං වෙනුවෙන් සාක්ෂි දෙන්න පුළුවන් කෙනෙක් ස්වර්ගයේ ඉන්නවා.
ඔහුට පුළුවන් මට පක්ෂව කතා කරන්න.