යෝබ්
19 ඊටපස්සේ යෝබ් මෙහෙම කිව්වා.
4 මං වරදක් කරලා තියෙනවා නම්
ඒකට ලැබෙන දඬුවම මං කැමැත්තෙන්ම භාරගන්නවා.
5 ඔයාලා දිගින් දිගටම මාව පහත් කරනවා.
මං විඳින මේ නින්දාව සාධාරණයි කියලා ඔප්පු කරන්න හදනවා.
6 ඒත් දැනගන්න, මාව මංමුළා කළේ දෙවියන් කියලා.
ඔහු දැලක් දාලා මාව කොටු කරගෙන.
7 ‘මාව බේරගන්න’ කියලා මං කෑගැහුවත්
කවුරුත් මගේ උදව්වට ආවේ නැහැ.+
මගේ පිහිටට එන්න කියලා මං අඬඅඬ ඉල්ලුවත්
කාගෙන්වත් මට සාධාරණයක් වුණේ නැහැ.+
9 ඔහු මගේ ගෞරවය නින්දාවකට පෙරළුවා.
මගේ ඔටුන්න ගලවලා දැම්මා.
10 මං නැත්තටම නැති වෙන කල් ඔහු හතර වටෙන්ම මට පහර දෙනවා.
ගහක් උගුල්ලලා දානවා වගේ මගේ බලාපොරොත්තු එකින් එක උගුල්ලලා දානවා.
12 ඔහුගේ මුළු හමුදාවම මාව වට කරගෙන.
මගේ කූඩාරම වටේට රැස් වෙලා මට පහර දෙන්න සැරසිලා ඉන්නවා.
15 මගේ ගෙදර ඉන්න අමුත්තන්,+ සේවිකාවන් මට සලකන්නේ පිටස්තරයෙක්ට වගේ.
මං දිහා බලන්නේ පිට දේශයකින් ආපු කෙනෙක් දිහා බලනවා වගේ.
16 මගේ සේවකයාට අඬගැහුවත් එයා මට උත්තර දෙන්නේ නැහැ.
‘අනේ මට උදව් කරන්න’ කියලා කිව්වත් එයා මං ළඟටවත් එන්නේ නැහැ.
17 මගේ කටෙන් පිට වෙන හුස්ම පවා මගේ බිරිඳට පිළිකුලක්.+
මගෙන් හමන දුඟද නිසා මගේම සහෝදරයන්* මගේ කිට්ටුවටවත් එන්නේ නැහැ.
18 දරුවන් පවා මාව හෙළා දකිනවා.
මං නැඟිටිද්දී එයාලා මට උසුළු විසුළු කරනවා.
23 අනේ, මං කියන දේවල් ලියවිල්ලක සටහන් කරන්න තිබුණා නම්!
පොතක ලියන්න තිබුණා නම්!
24 මගේ වචන යකඩ පන්හිඳකින් ගලක කොටලා,
ඒවාට ඊයම් වක් කරලා සුරකින්න පුළුවන් නම් කොයි තරම් හොඳද!
එතකොට කවදාවත් ඒවා මැකිලා යන්නේ නැහැ.
25 මොකද මං දන්නවා මට ගැලවුම්කරුවෙක්+ ඉන්නවා කියලා.
මට ස්ථිරයි ඔහු යම් දවසක* පොළොවට ඇවිත් යුක්තිය ඉටු කරනවා කියලා.
26 මගේ හම ගැලවිලා, ශරීරය කුණු වෙලා ගියත්
අන්තිම හුස්ම හෙළන්න කලින් මං දෙවියන්ව දකිනවා.
27 මං මගේම දෙනෙතින් ඔහුව දකිනවා.
ඔහු ගැන වෙන කෙනෙක් මට විස්තර කරන්න ඕනෙ නැහැ.